2015/04/22

මනාලියක් තෝරාගැනීම





















එකෝමත් එක කාලෙක බොහෝම ආඩම්බරකාර තරුණ කුමාරයෙක් ජීවත් වුණා. ඔහුට ආඩම්බර වෙන්න හේතුත් තිබුණා: ඔහු රාජධානියේ සිහසුනට හිමිකරුවා, ඔහු බොහොම කඩවසම් සහ සෞඛ්‍ය සම්පන්නයි, ඔහුට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා දී තිබුණා වාගේම උගන්වන්නට හැකි සියලුම සමාජ සිරිත් විරිත් ඉතාමත් ප්‍රවේසමෙන් යුතුව ඔහුට උගන්වා තිබුණා. අනෙක, ඔහුගේ පියා රටේ රජතුමා, ඒ වාගේම ඔහුගේ මුත්තා, මී මුත්තා, මේ හැමෝම ඒ රට පාලනය කළ රජවරු. රට පාලනය කරන්නට ඔහුට තිබුණු අයිතියට අභියෝග කරන්නට කිසිවෙකුට පුළුවන් වුණේ නෑ.

ඉතින්, මේ තරුණ කුමාරයා විවාහ වෙන වයසට එළඹුණාම ඔහු තමන්ගේ පිය රජතුමාට මෙහෙම කියුවා : “ පිය රජතුමනි, ඔබ හැමතිස්සේම කියන්නේ මට ගැලපෙන්නේ හොඳම දේවල් කියලයි. මට හොඳම දඩයම් උකුස්සන් ඉන්නවා, මුළු ලෝකයේම ඉන්න හොඳම දඩයම් බල්ලනුයි, හොඳම අශ්වයොයි ඉන්නෙත් මට. ඉතින් ඔබ කොහොමද මට ගැළපෙන කුමාරිකාවක් හොයන්නේ ?” රජතුමා මේක ලොකු ප්‍රශ්නයක් හැටියට කල්පනා කළේ නෑ. ඔහු තමන්ගේ රාජධානිය පුරා තරග රාශියක් පැවැත්වූවා.  ලස්සණම රූපය ඇති තරුණිය තේරීමේ තරග, ශක්තිමත්ම තරුණිය තේරීමේ තරග, දැනුම හා බුද්ධිය මනින තරග, දුනු විදීම සහ සංගීතය වගේ විශේෂ හැකියාවන් මැනීමේ තරග ආදී වශයෙන්. මේ තරග අවසන් වුණාම ඒවායේ ජයග්‍රාහිකාවන් කුමාරයා ඉදිරියට පමුණුවනු ලැබුවා.

ඔහු ඉතා හොඳින් ඔවුන් පරීක්ෂා කළා. ඒ තරුණියන්ගේ රූපය, බුද්ධිය, හැකියාවන් අති විශිෂ්ටයි. වෙනකක් තබා සමහරුන්ගේ හැකියාවන් තමන්ගේ හැකියාවන්ටත් වඩා විශිෂ්ට වත්දෝ කියලා කුමාරයාට හිතෙන්නට පටන් ගත්තා.  “ මේ කුමාරිකාවෝ අති දක්ෂයි,” ඔහු තමන්ගේ පිය රජතුමාට කියුවා. “ඒත් මේ කාටවත් කාන්තාවක් තුළ තිබිය යුතු ගුණාංග නෑ.”  “ඒක ඇත්ත.” පිය රජතුමා පිළිතුරු දුන්නා. “මේ තරග පැවැත්වීමෙන් මා කළේ මේ අයව අයින් කරන එකයි. දැන් ඔබට පුළුවන් මේ තරගවලට සහභාගී නොවුණු තරුණියන් අතරෙන් තමන්ගේ මනමාලිව තෝරාගන්න.”
                                                        ෴



-සුනිති නම්ජෝෂි (1941-        )

1941 දී ඉන්දියාවේ මුම්බායි නුවර උපන් සුනිති නම්ජෝෂි කවි, උපහාස කතා සහ උපමා කතා එකතු කිහිපයක්ද, නවකතා කිහිපයක් සහ ළමා කතා රැසක් රචනා කොට ඇත. කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ඉංගිරිසි අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරියක වූ ඇය දැනට එංගලන්තයේ ජීවත් වෙයි. ස්ත්‍රීවාදී උපමාකතා ලිවීම සම්බන්ධයෙන් අචාර්ය නම්ජෝෂි ප්‍රසිද්ධියක් උසුලයි.

චිත්‍රය: ග්‍රිගෝරි සෙදොව්

15 comments:

  1. ඒක නං මරු...
    මොනා වුණත් රජාට මොලේ තිබිල තියෙනව ඒක වැදගත්

    ReplyDelete
  2. මරු. ඕනිනම් මේකෙන් පටන් ගෙන තව ලොකු කතාවක් ලියන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන් ගන්නකෝ එහෙනම්.

      Delete
  3. super: “මේ කාටවත් කාන්තාවක් තුළ තිබිය යුතු ගුණාංග නෑ.”.......... “ඒක ඇත්ත.”

    ReplyDelete
  4. ඒ වුනාට ඒ ටිකේත් හොද ඒවා තියෙන්ඩ ඇති...

    ReplyDelete
    Replies
    1. නැතුව... රාජ කුමාරයෙක් නොවැ.

      Delete
  5. මමත් ඒහෙම තමා තේරාගත්තේ.....

    ReplyDelete
  6. ඇත්තටම ඔවුන් තරගකරුවන් පමණක් ම වෙන්න ඇති. නමුත් ලස්සන කතාවක්

    ReplyDelete

සෙවුම්