සිප
ගනු මැන සොඳුර මා පැසුණු හිස,
හැකිවනු
ඇත තවමත් ඔබට,
පළවාහැර
එහි ශ්වේත වර්ණය
කලු
පැහැය යළි රැගෙන එන්නට.
සිපගෙන
ඉතින් මා දෙනයන
දුරලනු
මැනවි ඉන් සන්තාපය,සැකය.
යළි
මා හොඳ, බැතිමත් කෙනෙකු කරනට,
හැකිවනු
ඇත තවමත් ඔබට.
ඉවත
හළ මැන සොඳුර සිපගෙන,
හලාහල
විෂ මා මුවෙන්.
ඇතැම්විට
මා යළි මුග්ධ වී,
තරුණයෙකු
වනු ඇත ඉතින්.
-ඒබ්රහම්
රෙයිසන් (1876-1953)
(ජෝසප්
ලෙෆ්ට්වික් යිඩිෂ් බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)
Painting
by Edvard Munch


රසවිදින්නට යොමුකරනවාට ස්තුතයි...!!!
ReplyDeleteඔබ නිරතුරුවම මේ බ්ලොග් අඩවියට පැමිණීම සතුටක්. එක්දාස් නවසිය අනූ ගණන්වල අගභාගයේ මා දිවයින පුවත්පතට පරිවර්තනය කළ කෙටිකතා සැමෙකකම පාහේ චිත්ර ඇන්දේ ඔබයි.ඒත් අපි එකිනෙකා කවදාවත් එකට හමුවී නෑ.
Deleteලස්සනයි.
ReplyDeleteමේ වගේ දේවල් කියවන්න ලැබීම ගැනනම් බොහොම සන්තෝසයි,.
බොහොම ස්තුතියි විභීෂණ. ඔබ මේ කවි රසවිඳිම හැබෑ සතුටක්.
Deleteහරිම සුන්දරයි...ඒ වගේම අර්තාන්විතයි...ස්තුතියි ඔබට
ReplyDeleteනිරතුරුවම කරන ඔබගේ උනන්දුකරවීමට බොහොම පින්.
Deleteමීට කලින් දැන සිටියේ නෑ තුති දැණුවත් කලාට
ReplyDeleteකලින් දැනසිටියේ නැත්තේ මේ කවියා ගැන විය යුතුයි ? හැමදාම මෙහි පැමිණෙනවාට ස්තූතියි ඩොක්ටර්. මා ඔබේ වාසවිලාන් පෝස්ටුව කියෙව්වා. එය ඉතා ප්රබලයි.
Deleteකවියාගේ හිතේ පශ්චාත්තපයක් තියෙනවා වගේ "සොඳුර"ගැන.
ReplyDeleteඅපුරු පරිවර්තනයක් නිලුක.
මනෝජ්, මා හිතන හැටියට පශ්චාත්තාපය ඇත්තේ කවියාගේ සොඳුර ගැන නොව ඔහුගේම මහලු විය සහ ඇතුළාන්තයේ ඇති දුර්ගුණ ගැනයි.
Delete