2016/09/10

ප්‍රවේණි දාසයාගේ කවිය







මා උපන් බිමේ මේ කෙත්වතුවල
වැඩෙන සරුසාර ගොයම,
මහට තහනම් වූ ඵලයකි නුඹ.

වැඩෙයි නුඹ සරුවට,
පීදෙයි රන් කරල් නුඹගේ,
යන්තමින් මා පණ ගැටගසන කල.

දෙවියන්ම මැවූ ප්‍රාණියෙකු වූ මට,
එවන් ඉරණමක් අත්වීම කෙතරම් පුදුමද
මා හෙලූ දහදියෙන් උපන් ගොයම නුඹ
කිසි කලෙක මට නොලැබෙනුයේ නොවෙද
















(පර්සි එවින්ග් මැතිසන් රුසියානු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

Painting by G. Myasoyedov

2016/09/03

දෙබසක්





අම්මේ, ගඟ ඇයි මේ හැටි හිනැහෙන්නේ ?
හිරු දෙවියන් ගඟ කිතිකවන නිසානේ.

අම්මේ, ඇයි ගඟ මේ ගීත ගයන්නේ ?
හඬ මිහිරි යැයි ලිහිණි තෙම කියූ නිසානේ.

අම්මේ, ඇයි ගඟ මෙච්චර ශීතල වෙන්නේ ?
කලකට පෙර හිම පෙම් කළ බව මතක නිසානේ.

මේ ගංගාවට කොපමණ වයසද අම්මේ ?
සදා තරුණ වසන්ත කාලය තරමට වයසයිනේ.

ඇයි අම්මේ ගඟ නොනැවතී ගලන්නේ ?
සිඳු මව ගඟ නිවෙසට එනතුරු මග බලන නිසානේ.














(හැරල්ඩ් රයිට් ජපන් බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

Painting by Suzuki Harunobu

සෙවුම්