පිටු
▼
 
  
 
 
 
ඔබ පුන්සඳ වේද නැතහොත් හිරු මඬලම වේද
 
ඔබ පසළොස්වක පුන්සඳ වේද
නැතහොත් හිරු මඬලම වේද
ඒ කවරක් වුවද, දිවුරමි
නැත අන් කිසිවකු ඔබට සම
 
වළාවක් වැනිය ඔබ වරල වැටුණු
උර මත
ඔබ දෙනයන සදිසිය මදිරා පිරි
කුසලාන
ප්‍රේමයේ මත්බව රැඳුණු ඒ
සුරාව ඔබමය
 
විලෙහි හිනැහෙන කමල මෙන්
වේය ඔබ වුවන
නැතහොත් දිවි වෙණ මත වැයෙන
පෙම් ගීය
සොඳුර, ඔබ කිසි
කවියකුගෙ හිස රැඳි සිහිනය ය
 
රඟ දේ දෙඅදර සිනාවේ විදිලිය
අහස් ගඟ වැතිරේ ඔබ යන මඟ
දිගට
ලොව ආදරය හා සුන්දරියන් අතර
ඔබම වේ ඒ දෙකෙහි අග තැන්
රැඳෙන
 
 
 
චිත්‍රපටිය: චෝදහ්වී කා
චාන්ද්
ගී පද: ශකීල් බදායුනී
සංගීතය: රවී
ගායනය: මොහම්මද් රෆී
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
you have great taste niluka ayya.....
ReplyDelete