පිටු
▼
බෂෝගේ* පැල්පත
මුළු ලොවම අරක් ගනියි
මාත්‍රා සතළොසකට** සහ
ඔබට, මේ පැල්පත තුළ.
පිදුරු වහලය, රුක් කඳන් පෙළ:
බුදුවරු වඩිත්, කෘමිහු පැමිණෙත්
අතරින් විවර.
වාතයෙන් නිර්මිතව,
පයින් ගස් හා ගල් අතර
දලුලයි කවිය.
පණකුරුද ගතකුරුද
එක් කළ වියුමකිය:
ලොවෙහි නිවෙසයි මෙය.
සියවස් ගණනක ඇටකටු, කඳු:
ගල්වැ ගිය දුක, දොම්නස:
මෙහි ඒවා බර නැත.
මා කියමින් සිටින දෙය
යන්තමින්වත් නොපුරවයි තුන් පෙළ:***
මේ මාත්‍රාවල පැල්පත ය.
-ඔක්තාවියෝ පාස් (1914-1998)
*මත්සුඔ බෂෝ (1644-1694)- ජපානයේ එදො යුගයේ විසූ ජනප්‍රියම
කවියා. ඔහු ලොව විශිෂ්ටතම හයිකු කවියා වශයෙන් සැලැකෙයි.
** හයිකු කවියක මාත්‍රා දහහතකි.
*** හයිකු කවියක පේළි තුනකි.
It is appropriate to mention that Basho is a Buddhist monk and enlightened monk( Arhant)
ReplyDeleteVen. Sir, thank you for this clarification. I did not know that. Greatly appreciate your taking time to read my blog. It is a great honour.
Delete