2020/08/09

සැරිසැරීම

 

හදවත තවමත් ප්‍රේමයෙන් පිරුණද

සඳවතිය තවමත් සුදිලෙමින් තිබුණද

නොයමුය ඉදින් තවත් සැරිසරන්නට

රැයේ ඒතරම් පමාවන තුරුම


අසිපත ලන කොපුව, අසිපතට පෙර වැනසෙන නිසා

ආත්මය නැසී යනු පළමු ළය වැනස යන නිසා

හුස්ම ගනු පිණිස හද මඳකට නතර විය යුතු නිසා

ආදරයම වුවත්, ඉසිඹු ලෑ යුතු නිසා


ආදරය කරන්නට රැය සැදුණේ වුවද

ඉතාමත් ඉක්මනින් දහවල පැමිණියද

නොයමුය ඉදින් තවත් සැරිසරන්නට

සඳඑළිය මැද හාත්පස පැතිරුණ 


චිත්‍රය: François Cachoud

4 comments:

  1. Nice... A very good translation. Highly commendable. All the best, brother!

    ReplyDelete
  2. හොඳ පරිවර්තනයක් නිලූක. ඒ වගේම හොඳ කවියක් . ( මෙහි හය වන පේලියේ "වැනස" යන වචනය මීට කලින් කියවා නෑ)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකසිරි අයියා. වැනස යන වචනය පාවිච්චි කළේ, වැනසී යන අදහසෙනුයි. ඒ්ක වැරදිද මන්දා?

      Delete
  3. සුන්දරයි.
    සම්පූර්ණ මුල් කෘතිය හෝ එයට ලින්ක් එකක් ලබා දෙන්නට අපහසු නම්, මුල් කෘතියේ මේ පද වැලේ මුල් මාතෘකාව (original title)හෝ පල කලානම්, (මුල් රචකයාගේ නම ට අමතරව) වඩාත් අගේ යයි මට සිතේ.

    ReplyDelete

සෙවුම්