අහසට අරක්ගත් දැඩි ගණඳුරක් වන්
මා වසාගත් රාත්‍රිය පරදවා
තුති පුදමි කවර හෝ දෙවිවරුනට
යටත් නොකළැකි මා ආත්මය උදෙසා
ඉරණමෙහි රුදු නිය පහර වැද
නොහැකිළුණෙමි, නොහැඬුවෙමි හඬ ගා
අවස්ථාවේ දැඩි මුගුරින් පහර විඳ
රුධිරය වැකුණුමුත් නොනැමුණිය හිස මා
වෙරෙන් කඳුළෙන් පිරුණු මෙතැනින් එහා
ඇත්තේ ගණඳුරෙහි භීතියම පමණකිය
එනමුදු මා නොබියව සිටින වග
පෙනෙනු ඇත වසර ගණනක් ඉකුත් වුව
ද්වාරය කෙතරම් පටුවුවද කම් නැත
පවු පොතෙහි දඬුවම් මහත් වුව කම් නැත
මාගේ දෛවයේ හිමියා මම ම වෙමි
මාගේ ආත්මයේ නියමුවා මම ම වෙමි

විලියම් අර්නස්ට් හෙන්ලි (1849-1903)
විලියම් අර්නස්ට් හෙන්ලිගේ Invictus නම් කාව්‍යයේ පරිවර්තනයකි.
මා වසාගත් රාත්‍රිය පරදවා
තුති පුදමි කවර හෝ දෙවිවරුනට
යටත් නොකළැකි මා ආත්මය උදෙසා
ඉරණමෙහි රුදු නිය පහර වැද
නොහැකිළුණෙමි, නොහැඬුවෙමි හඬ ගා
අවස්ථාවේ දැඩි මුගුරින් පහර විඳ
රුධිරය වැකුණුමුත් නොනැමුණිය හිස මා
වෙරෙන් කඳුළෙන් පිරුණු මෙතැනින් එහා
ඇත්තේ ගණඳුරෙහි භීතියම පමණකිය
එනමුදු මා නොබියව සිටින වග
පෙනෙනු ඇත වසර ගණනක් ඉකුත් වුව
ද්වාරය කෙතරම් පටුවුවද කම් නැත
පවු පොතෙහි දඬුවම් මහත් වුව කම් නැත
මාගේ දෛවයේ හිමියා මම ම වෙමි
මාගේ ආත්මයේ නියමුවා මම ම වෙමි

විලියම් අර්නස්ට් හෙන්ලි (1849-1903)
විලියම් අර්නස්ට් හෙන්ලිගේ Invictus නම් කාව්‍යයේ පරිවර්තනයකි.
නැවතත් සුන්දර පරිවර්තනයක් නිලූක මහත්මයා. දෙවන පද පෙළ හි තාලයත් (Rhyming Pattern) ඔබ පරිවර්තනය කර තිබෙනවා එය වඩාත් අලංකාරයි. අනෙක්වාත් ඒ් ආකාරයට පරිවර්තනය උනොත් ......
ReplyDeleteඔබට බෙහෙවින් ස්තූතියි.
Delete0EE8C9746E
ReplyDeleteTakipçi Satın Al
RDR2 Hile Kodları PC
Pubg Mobile 10000 Uc Hilesi Bedava
Dragon City Elmas Kodu
Takipçi Hilesi
Perde Kumaşı
Vodka Fiyatları
En İyi Diziler
Google Play Kodu