2017/02/25

කුමට හඬනුද මේ (ආරාධනා චිත්‍රපටයෙන්)






මේ බලාපොරොත්තු විරහිතබව ඔබේ
හැරෙනු ඇත අපේක්ෂා බවට එක් දිනෙක...

කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට

මැටියෙන් කළ පහන බිඳී යන්නේ වුව
දැල්වෙන කලට එය විහිදුවයි එළියම
කඩා හැලෙනා කලට මේ කඳුළු, දිය වුව
නැවතුණු කලට ඒ මුතු බවට පත්වේය
ඇස්වලින් වට ඒ කඳුළු මුතු කැට
වස්තුවක් මෙන් එකතු වනු ඇත, නැතිවී නොයනු ඇත.
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට

මහ කුණාටුවකින් ගිලගත්, සාගරය සදිසිය ඔබ දිවිය
කෙතෙක් බොළඳද ඔය දෑස, ඉහිරෙන දිය බඳුනක් විලස
නොදනිම් ඉතින් සිටිනු මන්දැයි මෙලෙස
කඳුළෙන් තෙත්ව ගිය, දෙනයනින් යුක්තව.
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට

කලෙක ඇති වේමය දුක්ඛයෙහි සෙවණැල්ල
කලෙකදී පතිත වේ සතුටෙහි අව් රැල්ල
පෙරලෙනුය දුක සැප නිතින ජීවන උයන් තෙර
මල්වලින්, කටුවලින් උයන්පලු තෙම මල්දමක් අමුණන.
කුමට හඬනුද මේ, කුමක් සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම, ඉතින් හඬනුය කිමට


ගී පද:            ආනන්ද් බක්ෂි
ගායනය:        සචින් දේව් බර්මන්
සංගීතය:        සචින් දේව් බර්මන්
චිත්‍රපටය:       ආරාධනා (1969)

14 comments:

  1. ආරාධනා එකේ කැමතිම ගීතයක් මේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද. ආරාධනා චිත්‍රපටියේ සෑම ගීතයක්ම එක වගේ හොඳයි.

      Delete
  2. ආරාධනා එකේ මමත් කැමතිම ගීතය. මේ ගීතය ගැන මීට ටික දවසකට පෙරත් අපි කොහේ හරි බ්ලොග් එකක කතාවුණා.

    ReplyDelete
    Replies
    1. රසිකලොජියේ

      Delete
    2. එතැන කතා වුණු නිසා තමයි මේක කළේ.

      Delete
  3. S.D. බර්මන් මම ආසම සංගීතඥයෙක් වගේම ගායකයෙක්. නිලූක මේ සින්දුව අහල තියේ ද?

    https://www.youtube.com/watch?v=BSzdOobH1fw

    ReplyDelete
  4. නිලූක උඹ මාව දන්නෑ වගේ ඉන්න එක පුදුමයක්. මම මේනුක.

    ReplyDelete
    Replies
    1. හැන්ග් අවුට්ස්වල පණිවිඩයක් තිබ්බා. මට කතා කරන්න.

      Delete
  5. ලස්සන සින්දු තියෙන ආයෙමත් බලන්න හිතෙන චිත්‍රපටියක්.

    ReplyDelete
  6. නිලුක බොහොම ස්තූතියි මේ වැඩේට. මමත් කැමතිම ගීයක්....

    ReplyDelete
    Replies
    1. මේ ගීතයේ තේරුම දාන්නට කියා ඔබ කළ ඉල්ලීමටයි මා මේක කළේ. මා එයට පෙළඹවූවාට ඔබට ස්තූතියි.

      Delete
    2. ඔබට නැවතත් ස්තූතියි!!!!

      Delete

සෙවුම්