Showing posts with label හින්දී ගීත. Show all posts
Showing posts with label හින්දී ගීත. Show all posts
2020/09/12
2017/10/21
සොඳුරු ගමනකි මේ
සොඳුරු
ගමනකි මේ, මනරම්ය ඍතුව.
මං
මුලාවේයැයි මා කොහේ හෝ
හදවතේ බියක්
ඇත.
සොඳුරු
ගමනකි මේ, මනරම්ය ඍතුව.
කුසුම්වල
සැඟව මේ හිනැහෙන්නේ කවුද ?
වසන්තය
නොසන්සුන්, ඒ කවුරු හින්දාද ?
තැනෙක
ගුමුගුමුවකි, තැනෙක සිලිසිලියකි.
මිහිමඬල
නැටුමක යෙදෙන්නා හා සරිය.
පැනනැඟී ගලන
මේ ධවල නදියෙහි ගමන
පෙම්බරා හමුවට
හද ගැහෙමින් යනු වැනිය.
මේ බැලුම්
සුන්දරය, සුදුවන්ය හාත්පස.
සොඳුරු
ගමනකි මේ, මනරම්ය ඍතුව.
නබෝගැබ
මිහිමතට නැඹුරු වී ඇත
ඒ හමුව
දුටුවෙමි දෙනෙතින් මා මෙතැන.
මගේ
ලෝකය, මගේ සිහිනය ඇතැම්විට
හමුවනු ඇතිය
මෙතැනදී මට.
සොඳුරු
ගමනකි මේ, මනරම්ය ඍතුව.
චිත්‍රපටය: මධුමතී
(1958)
ගායනය :
මුකේෂ්
සංගීතය :
සලීල් චෞද්රි
ගී පද : ශෛලේන්ද්‍ර සිංහ
2017/03/05
හිස් කඩදාසියකි මා දිවිය
හිස් කඩදාසියකි මා දිවිය
රැඳිණි එය හිස් කඩදාසියක් ලෙසටම
යම් දෙයක් ලියැවිණිද ඒ මත
මැකිණි ඒවා කඳුළු සමගින
එක් සුළං රැල්ලක් හමා විත්
කුසුම් ගිලිහී වැටිණි අත්තෙන්
පවනෙහිත් නොව, උයනෙහිත් නොව
එනම් කාගේ වරදක්ද එය
සුවඳ පොද සැඟවිණිය සුළඟෙහි
ඉතිරි නොවිණිය ඉතින් කිසිවක්
ගගන සරනා සියොත් කැළටත්
ඇත කැදැල්ලක්, මහට නැත එය
මාවතක් නැත, දැනුමකුත් නැත
මෙමට කොයිබක යන්න වේදැයි
සිහිනයක් වී මගියෙකුගෙ හිස
රැඳී සිටියෙමි ඔහුත් සමගින
චිත්‍රපටය: කෝරා
කාගස්z (හිස් කඩදාසිය)- 1974
සංගීතය: කල්යාන්ජී-ආනන්ද්ජී
ගී පද: එම්.ජී.
හෂ්මත්
ගායනය: කිෂෝර්
කුමාර්
2017/02/25
කුමට හඬනුද මේ (ආරාධනා චිත්‍රපටයෙන්)
මේ බලාපොරොත්තු විරහිතබව
ඔබේ
හැරෙනු ඇත අපේක්ෂා බවට
එක් දිනෙක...
කුමට හඬනුද මේ, කුමක්
සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම,
ඉතින් හඬනුය කිමට
මැටියෙන් කළ පහන බිඳී
යන්නේ වුව
දැල්වෙන කලට එය
විහිදුවයි එළියම
කඩා හැලෙනා කලට මේ
කඳුළු, දිය වුව
නැවතුණු කලට ඒ මුතු බවට
පත්වේය
ඇස්වලින් වට ඒ කඳුළු
මුතු කැට
වස්තුවක් මෙන් එකතු වනු
ඇත, නැතිවී නොයනු ඇත.
කුමට හඬනුද මේ, කුමක්
සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම,
ඉතින් හඬනුය කිමට
මහ කුණාටුවකින්
ගිලගත්, සාගරය සදිසිය ඔබ දිවිය
කෙතෙක් බොළඳද ඔය දෑස,
ඉහිරෙන දිය බඳුනක් විලස
නොදනිම් ඉතින් සිටිනු
මන්දැයි මෙලෙස
කඳුළෙන් තෙත්ව
ගිය, දෙනයනින් යුක්තව.
කුමට හඬනුද මේ, කුමක්
සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම,
ඉතින් හඬනුය කිමට
කලෙක ඇති වේමය දුක්ඛයෙහි
සෙවණැල්ල
කලෙකදී පතිත වේ
සතුටෙහි අව් රැල්ල
පෙරලෙනුය දුක සැප නිතින
ජීවන උයන් තෙර
මල්වලින්, කටුවලින්
උයන්පලු තෙම මල්දමක් අමුණන.
කුමට හඬනුද මේ, කුමක්
සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම,
ඉතින් හඬනුය කිමට
ගී පද: ආනන්ද්
බක්ෂි
ගායනය: සචින් දේව් බර්මන්
සංගීතය: සචින් දේව් බර්මන්
චිත්‍රපටය: ආරාධනා (1969)
Subscribe to:
Posts (Atom)