වියරු ලෙස සැලෙන දඟයුගවලට
සැහැල්ලු, නිදහස් සොබාවෙන්
මගේ බර දරන ළැමහසවලට
සීමා නොවූ පෙමක් ගැන සිහින මැවූයෙමි මම
රතියෙන් පිරුණු එක් රැයකට පසුව.
අදේවත්වයේ සියලු සියවස් මුළුල්ලේ
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ
නිදහසක් තුළ බැඳෙන්නට ඇවැසි විය මා හට.
වියරු ලෙස සැලෙන දඟයුග, ගී ගයන ළැමහස;
විඩාවට පත්ව ඒ ක්‍රියාවෙන්,
මහපොළොව තරමට පැරැණි
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ නිදහසක් තුළ
අඳුරු සොඳුරුබවින් යුත් සියලු සියවස් මුළුල්ලේ
යළි යළිත් එය අත්විඳිනු රිසියෙන්
රතියෙන් පිරුණු එක් රැයකට පසුව
හැරුණෙමි මම ආදරය වෙත.
මගේ බර දරන ළැමහසවලට
සීමා නොවූ පෙමක් ගැන සිහින මැවූයෙමි මම
රතියෙන් පිරුණු එක් රැයකට පසුව.
අදේවත්වයේ සියලු සියවස් මුළුල්ලේ
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ
නිදහසක් තුළ බැඳෙන්නට ඇවැසි විය මා හට.
විඩාවට පත්ව ඒ ක්‍රියාවෙන්,
මහපොළොව තරමට පැරැණි
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ නිදහසක් තුළ
අඳුරු සොඳුරුබවින් යුත් සියලු සියවස් මුළුල්ලේ
යළි යළිත් එය අත්විඳිනු රිසියෙන්
රතියෙන් පිරුණු එක් රැයකට පසුව
හැරුණෙමි මම ආදරය වෙත.
-නිසීම් ඉසෙකිල් (1924-2004)
අපූරැයි 🌹💓
ReplyDeleteබොහොම ස්තුතියි.🙏🙏🙏
DeleteMardin
ReplyDeleteistanbul
Çanakkale
Antep
Elazığ
MHC