2022/08/27

සැන්දෑව

 









 

මා මියුලැසියගේ අඳුන් ගෑ දෙබැම මෙන්

අඳුරුය තුරු පෙළ

 

ගැඹුරු භාවනාවකට නිර්‍හඬව සමවැදෙයි

කඳු ගැටය

 

රතු වූ දෙකොපුලෙන් යුතුව

හිනැහෙයි නුබ ගැබ.

 

ඒ සැඳෑවේ

 

මගේ කුටිය තුළ

පුරුද්දකට ගිය හුදෙකලාව සමඟ

වැඩෙහි නිමග්නව සිටිමි මම

 

සිරකරුවකු බඳුව

 

තුටින් සිටිනුයේ

අහස සරනා විහඟුන් පමණකිය . . .

 

- ජී. පවන් කුමාර්

 

(ඩී. කේසව රාඕ තෙලුගු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)


13 comments:

  1. Replies
    1. ඉඩක් ලද විගස ලියමි. කාර්යබහුල බැවින් මෙහි ලිවීම මඟ හැරේ.

      Delete

සෙවුම්