මිහිදන්
කළෙමු අපි ඔහු
සුළං හමනා
කඳු මුදුනක
ගියේ ඔහු
ආත්මය එනමුදු
පෙරළා මහසයුර
වෙතටම.
ඔහුගේ ආත්මය
යළි සයුර වෙත
ගිය වග
දනිමි මම.
සියල්ල නිසල
වූ කල,
සයුර ප්‍රිය
කළ ඔහු ආත්මය
මෙලෙසින්
කියන සැටි
ඇසුණු
නිසාවෙන් මහට:
නොතබනුය
සොහොන් ගලක්
මා හිස
අද්දරින්,
නොතනන
හෙයින් මා
මා සයනය
එතැන.
නොවිසුරුවනු
මැන කුසුමන්
මා සොහොන
මත්තෙහි,
පෙරළා ගිය
හෙයින්
මහසයුර වෙත
මා.
නොවැලපෙනු
මැන මා නිසාවෙන්,
මා සයුරෙහි
තුටින් වසනා හෙයින්.
-ලැන්ග්ස්ටන්
හියුස් (1902-1967)
Painting by Kevin Hill.
අපුඍුයි... ලස්සනයි...
ReplyDeleteස්තූතියි නිර්මාණී.
Deleteමම ලැන්ග්ස්ටන් හියුස්ගේ I, Too, Am America කියවා තිබෙනවා ඉතා ප්‍රබල කවි තිබෙන පොතක්
ReplyDeleteඩොක්ටර් මා ඒ පොත කියවා නෑ. ලැන්ග්ස්ටන් හියුස්ගේ කවි රැසක් නම් කියවා තිබෙනවා. ඔහුගේ කවි ඉතා ප්‍රබලයි. ඔබේ අදහසට ස්තූතියි.
Deleteස්තුතියි, රසවත් අර්ථවත් කාව්‍ය නිර්මාණයක්, මෙලෙස පරිවර්තනය කොට ඉදිරිපත් කිරීම පිළිබඳව.
ReplyDeleteබොහොම ස්තූතියි විචාරක. කාලෙකට පස්සෙ.
Deleteසුපිරි පරිවර්ථනයක්...... ජයවේවා
ReplyDeleteබොහොම පින්.
Deleteසුනාමියෙන් පස්සේ ඒ ආපදාවට ලක් වෙච්චි මිනිස්සුන්ව රජය විසින් වෙරළෙන් ඇත ඉඩම් වල පදිංචි කරවන්න කටයුතු කෙරුවා.නමුත් එක ඒතරම් ප්‍රයෝගික හා සාර්ථක වුනේ නැහැ.ඒ මිනිස්සුන් ආත්මය බැඳිලා තියෙන්නේ සාගරයත් එක්ක.ඔච්චර විනශයක් සාගරය කෙරුවත් සාගරය අතහැර යන්න ඔවුන් සුදානම් නැත්තේ ඒ නිසායි.
ReplyDeleteසම්පූර්ණයෙන්ම ඇත්ත මනෝජ්. අපි හැමෝගෙම ආත්ම අපි උපන් තැන සමග බැඳී පවතිනවා.
Deleteහරිම අර්ථවත් නිර්මාණයක්...ඔබ එය රසවත්ව පරිවර්තනය කර තිබෙනවා...
ReplyDeleteබොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට.
Delete