අනන්තයේ මියැසි පත මත
රැයේ මුළු නිහඬබව ඇත.
නැතිව ගිය කවිකමෙන් පැසී
ඇවිද යමි නිරුවත්ව වීදියට.
රැහැයි නදෙන් සිදුරු වන
අඳුර
සතුව ඇත ධ්වනියේ ඒ
මැරුණු අල්වාගත නොහෙනබව,
ආත්මයට දැනෙන ඒ
සංගීතමය එළිය.
සමනලයන් දහසක ඇටසැකිලි
නිදයි මා කුටිය තුළ
නොදැමි නවයොවුන් මඳපවන් සෙනඟක්
සිටිත් ගංගාව මත.
- ෆෙදෙරිකෝ ගාර්ෂියා
ලෝර්කා (1898-1936)
(ස්ටැන්ලි ඇපල්බෝම් ස්පාඤ්ඤ බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි)
No comments:
Post a Comment