2022/08/27

සැන්දෑව

 









 

මා මියුලැසියගේ අඳුන් ගෑ දෙබැම මෙන්

අඳුරුය තුරු පෙළ

 

ගැඹුරු භාවනාවකට නිර්‍හඬව සමවැදෙයි

කඳු ගැටය

 

රතු වූ දෙකොපුලෙන් යුතුව

හිනැහෙයි නුබ ගැබ.

 

ඒ සැඳෑවේ

 

මගේ කුටිය තුළ

පුරුද්දකට ගිය හුදෙකලාව සමඟ

වැඩෙහි නිමග්නව සිටිමි මම

 

සිරකරුවකු බඳුව

 

තුටින් සිටිනුයේ

අහස සරනා විහඟුන් පමණකිය . . .

 

- ජී. පවන් කුමාර්

 

(ඩී. කේසව රාඕ තෙලුගු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)


2022/08/14

අතු අග තුරුපත

 









රැඳී තිබිණිය එය අත්තක් මත;
ඊට පහතින් විලක දියතලය විය,
එමත අහසේ පිළිබිඹුව විය;
දියෙහි ගිලෙතැයි එය බියෙන් පසු විණ.
එනමුදු . . .
නොපිහිනී එය, නොගිලිණිය එය, ගසා නොගියේය ඉවතට
අත්ත මත ඔහේ රැඳී හිඳ, අවසන මැලවී ගියේ එය . . .
අත්තක් මත රැඳි එකම හුදෙකලා තුරුපත!








- ගුල්සර් (1934- )

 

(පවන් කේ. වර්මා උර්දු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)


සෙවුම්