සුපිපි කුසුමන් පිරුණු උයන්වතු පිස එන
වසත් කල ඉමිහිරි සුගන්ධය
වේදනාවක්මයි මට ඔබ නිසාවෙන්
අමතකව ඇත ඔබ වත මඬල
සුකොමළ දෑත මා හට
මතකයේ රැඳී නැත මගේ
ඔබ දෙඅදර මා සිපගත් අයුරුවත්
උයන්වතුවල සැතපෙන
අඳ ගොලු බිහිරි ධවල ප්‍රතිමාවන්ට
ආදරය කරමි මම ඔබ නිසාවෙන්
අමතකව ඇත මට ඔබ මියුරු කටහඬ
ඔබේ දෙනුවන්ද සමගින්
මලකට සුවඳ මෙන් බැඳී ඇත
මා නොපැහැදිලි මතකය ඔබ කෙරේ
දිවි ගෙවන්නෙමි වේදනාවත් සමග
නොඅල්ලනු මැන, මියනු ඇත මා ඒ වේදනාවෙන්
මලානික බිත්ති මත වැඩෙන
ලතාවක් පරිද්දෙන්
තුරුළු කර ගනියි මා ඔබේ ආලිංගනයන්
අමතකව ගොස් ඇත මට ඔබේ ආලය
එනමුදු පෙනේ ඔබ රුව දකින හැම කවුළුවෙන්
ගිම්හානයේ සුගන්ධය
වේදනාවක්මයි මට ඔබ නිසාවෙන්
සොයා යමි මම නොහිම් ආශා,
පතිත වන තාරකා ඔබ නිසාවෙන්
-පැබ්ලෝ නෙරුදා (1904-1973)
what a wonderful blog . Just found out
ReplyDeleteThank you for peeping into my blog.. Bindi is right. This is a wondaful blog and I will quietly read all. If you could include the english version below it would be just great !!
ReplyDelete