මගේ බර දරන ළැමහසවලට
සීමා නොවූ පෙමක් ගැන සිහින මැවූයෙමි මම
රතියෙන් පිරුණු එක් රැයකට පසුව.
අදේවත්වයේ සියලු සියවස් මුළුල්ලේ
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ
නිදහසක් තුළ බැඳෙන්නට ඇවැසි විය මා හට.
විඩාවට පත්ව ඒ ක්‍රියාවෙන්,
මහපොළොව තරමට පැරැණි
දෙවියන්ගේ නාමය සේ නැවුම් වූ නිදහසක් තුළ
අඳුරු සොඳුරුබවින් යුත් සියලු සියවස් මුළුල්ලේ
යළි යළිත් එය අත්විඳිනු රිසියෙන්
රතියෙන් පිරුණු එක් රැයකට පසුව
හැරුණෙමි මම ආදරය වෙත.
-නිසීම් ඉසෙකිල් (1924-2004)