2021/09/11

සිතිවිල්ල

 


 












රාත්‍රීන්වල ගැඹුරු නිහඬබව මැද
සඳ නිදි කිරන විට
මල් පිරුණු අතු ඉති
සෙමෙන් නැලැවෙන කල
 
විල් කැඩපතෙහි දිය වී
තරු සිය ගමන නවතන කල
සැම වනස්පතියක්ම කටුසනක් වී
පත් වේ සැම කුසුමක්ම අභිරහසක් බවට
 
මහපොළොව සිට අහස තෙක්
කාලය වක්‍රයක් තනන විට දෘශ්‍යමානව
මා සිතිවිල්ල හා අල්ලාහ් දෙවියන් අතර
වෙන්වුණු නිහඬතාවක් ඇත වසර ගණනක
 
දැවෙන මා සිරුර මත
යමකු පිනි බිඳු ඉසින
තම අදිසි උසෙහි සිට
පෙනෙයි, අමතන බවක් මා හට

 








-අහ්මඩ් නදීම් ඛස්මි (1916-2006) 


(රාජා චන්ගෙස් සුල්තාන් උර්දු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)
 

චිත්‍රය: Evening by Eugène Jansson (Swedish, 1862 - 1915)



8 comments:

  1. ලස්සනයි. එසේම පොතටත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිගැන්වීමට සහ සුබපැතුම්වලට ‌ බෙහෙවින් ස්තූතියි. ‌

      Delete
  2. අහම්බෙන් දැකල ගොඩ උනේ.. හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තූතියි. අනෙක් නිර්මාණද ඔබ රස විඳින්නට ඇතැයි සිතනවා.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔබේ පරිවර්තන අති විශිෂ්ඨයි. ශුභ පැතුම්.

    ReplyDelete

සෙවුම්