චිත්‍රය- වින්ස්ලෝ හෝමර්
අවන්හලකදී ඒ අවමන් සහගත සිද්ධියට අලෙස්සන්ද්‍රෝ මා බඳුන් කළේය;
සති දෙකකට පසුව, කාසියා පාර
දිගේ සිය මෝටර් සයිකලය පදවාගෙන යමින් සිටි හෙතෙම ලොරියක ගැටී එතැනම ජීවිතක්ෂයට
පත්විය. සිනමා ශාලාවෙන් එළියට පැමිණෙමින් සිටියදී ජූලියෝ මට පහර
දෙන්නට විය. දවස් තුනක් යන්නටත් මත්තෙන්, ටයිබර් නදියේ
ස්නානය කරමින් සිටි ඔහුට අපද්‍රව්‍ය වාහක පල්දෝරුවලින් බෝවන ඒ භයානක රෝගය වැලඳුණු
අතර පැය කිහිපයක් තුළ හෙතෙම මිය
ගියේය. රිපෙත්තා වීදියේදී රෙමෝ මට “ මෝඩ තකතීරුවා,
ගොනා, හරකා” කියමින් අවමන්
කළේය;
ඊට ටික වේලාවකට පසු දෙල්ලොකා වීදියට හැරෙන තැනදී දොඩම් ලෙල්ලක් පැගී ඇද
වැටී ඔහුගේ කකුල කැඩිණි. පාපන්දු තරගයක් අතරතුරදී මාරියෝ මට ඇසැබි ඉඟියක් පෑවේය;
එසැණින්ම පාහේ, ඔහුගේ සාක්කු
සටහන් පොත සොරකම් කොට ඇතැයි පෙනුණු බව කිවමනාය.
මේ සිද්ධි හතරත්, මගේ කතාව ඒකාකාරි එකක් වෙතැයි යන බියෙන් මා මෙහි සඳහන් නොකරන තවත් සිද්ධීනුත් මට එරෙහිව යන ඕනෑම කෙනෙකු වෙත මරණය හෝ යම් ආකාරයක දඬුවමක් පමුණුවන යම් කිසි අද්භූත බලවේගයක ආරක්ෂාව යටතට මා පත්ව ඇතැයි යන්න ඒ වසරේදී මට පසක් කළේය.
කරුණාකර ඒ ඇස්වහ පිළිබඳ කාරණයකැයි නොසිතන්න. ඇස්වහ ඇති පුද්ගලයෙකු යම් අන්තරායක් පමුණුවන්නේ කිසිදු චේතනාවකින් තොරවය. වතුර මලකින් වතුර විසිරෙන්නාක් මෙන් එවන් පුද්ගලයෙක් අතුරු අන්තරා හා ආපදා විසුරුවයි. ඊට යම් රටාවක්වත් හේතුවක්වත් නැත. මා කිසිම වැදගත්කමක් ඇති අයෙකු නොවූවත්, කඩවසම්බවෙන්, ශක්තිමත්බවෙන් හා ධනවත්බවෙන් තොර වූවත් ( මා රෙදි සාප්පුවක සහායකයෙකි), හෝ වෙන කිසියම් අන්දමක උරුමයකින් හෝ තැන්පත් ධනයකින් තොර වූවත්, දඬුවමක් නොලබා මා වෙත හානියක් කිරීමට කිසිවෙකුට නොහැකි වන ආකාරයේ අසාමාන්‍ය බලයකින් මා ආරක්ෂා කෙරෙන බව මට දැනිණි. මෙය හුදු අනුමානයකැයි ඔබ කියනු ඇත. එසේනම් මා හට අඩන්තේට්ටම් කිරීමට අදහස් කළ පුද්ගලයන් වෙත ළඟාවූ අභාග්‍යයන්ගේ අහම්බය කරුණාකර මට පහදා දෙනු මැනවි. මා කිසියම් අපහසුතාවකට පත්වන අවස්ථාවකදී මේ බලවේගය කීකරු බලු පැටියෙකු මෙන් මගේ කැඳවීම අනුව මගේ සහයට පැමිණ මට ඒ අපහසුතාව ඇති කරන්නට තරම් නිර්භීත වූ ඒ අපරික්ෂාකාරී පුද්ගලයා හට දඬුවම් ලබා දෙන්නේ මන්දැයි මට පහදා දෙනු මැනවි. අවසාන වශයෙන් ඔබ මෙයද පහදා දිය යුතුය.... එහෙත් එයින් කම් නැත. ඔබ දැනගත යුත්තේ කිසියම් මායාමය බලයකින් මෙන් ඒ දවස්වලදී මා ඉතා සුපසන් ජීවිතයක් ගත කරන්නේය යන අදහස මගේ හිස තුළට ඇතුළුව තිබූ බව පමණි.