2015/06/28

නගරයේ නිශාගීතය





















නිදනු මැන සුවසේ, මගේ සොඳුරිය, නිදනු මැන සුවසේ
කලබල ජැටි මතින් වරායේ විදුලි එළි දිලිසෙයි
උමං බඳු වීදිවල කැරපොතු විලාසෙන්
පොලිස් රථ ඇදී යයි

මුඩුක්කු පැල්පත්වල දිරාගිය තහඩුවෙන්
මකුණන් පිරි වැරහැල්ලක් විලස
සැහැසිකම් එළියට වීසි වෙයි
සුළඟින් නාදවන සීනුවක හඬ බඳුව
භීතිය සෑම තැන පැතිර යයි

දිගු දිනෙක කෝපය
වැලි, ගල් අතර හිඳ හති හලයි
එහෙත් මේ හුස්ම ගන්නා රැයේවත්
මගේ දේශය, මගේ සොඳුරිය, නිදනු මැන සුවසේ
 













-ඩෙනිස් බෘෘටස් (1924-2009)

Painting by Mark H. Wilson 

පරිවර්තනයක් නොවේ

මේ පරිවර්තන බ්ලොග් අඩවිය ගැන ෂසිකා අමාලි මුණසිංහ (කඳු) සොයුරිය තැබූ සටහනකි. පහත දැක්වෙන සබැඳියෙන් එය කියවිය හැකිය. ඔබට ස්තූතියි කඳු.






















http://epaper.dinamina.lk/art.asp?id=2015%2F06%2F20%2Fpg20_0&pt=p&h

සෙවුම්