2020/10/10

හිමිදිරිය

 


සුදුමැලි රෝස පාටින් හා

නැතිව යන නිල් පැහැවලින් කළ

දියසායම් සිත්තමකිය අහස.

හිරුඑළියේ දිලෙන

තෙතබරිත හරිත පැහැ අතර,

ජීවිතයේ නැවුම් සුවඳක්

එළිමහනෙන් සොරාගෙන

මගේ හද වෙත රැගෙන එන්නට

සෙමෙන් ඉගිලෙයි සුළඟ.



 




-දාරියෝ දි ජුදිචිබුස් (1960-) 

(පරිවර්තනය මුල් ඉතාලි කවියෙනි)

 

Painting by Jill Harrington Nichols

 

 

 

1 comment:

  1. මා ලඟදි ගත්ත ඔය වගේ පින්තුරයක් , ලේක් දිස්ත්‍රික්කයේ , මේ කවියා අහල නැහැ. ආදරය විධි කීයකට කියන්න පුලුවන්ද නේද

    ReplyDelete

සෙවුම්