අප දෙදෙනාගේ රැකියාවල් එකිනෙකට බොහෝ වෙනස්
වුවද සෙරෆිනෝ සහ මම මිතුරෝ වෙමු; ඔහු කර්මාන්තශාලා හිමිකරුවෙකුගේ රියැදුරාය. මම
චිත්‍රපටි කැමරාකරුවෙක් සහ ඡායාරූප ශිල්පියෙක් වෙමි. බාහිර ස්වරූපයෙන්ද අප දෙදෙනා
සපුරා වෙනස්ය. ඔහුට රන්වන් කැරළි ගැසුණු හිසකේද රෝස පැහැති ළමා මුහුණක්ද වූ අතර
ඔහුගේ විවෘත නිල්වන් දෙනෙත මුහුණට මනාව ගැළපිණි. අනෙක් අතට, මා කලු පැහැතිය. මට
ඇත්තේ වැඩිහිටියෙකුගේ බඳු බැරෑරුම් මුහුණකි. මගේ අඳුරු දෙනෙත ගිලී ගොස් ඇත. එහෙත්
සැබෑම වෙනස ඇත්තේ අප දෙදෙනාගේ චරිත දෙක අතරය. සෙරෆිනෝ උපන්ගෙයි බොරුකාරයෙකි. අනෙක්
අතට, මට කෙසේවත් බොරුවක් කීමට නොහැකිය. එක් ඉරිදාවක මගේ සේවය ඔහුට අවශ්‍ය බව
සෙරෆිනෝ දන්වා සිටියේය. කුමක් හෝ ලජ්ජා වන්නට වන වැඩක් සිදු වෙන්නට යන බව ඔහුගේ
ස්වරයෙන් මම සැක කළෙමි. මන්ද උජාරුවෙන් කැපී පෙනෙන්නට යාමේ උමතුව කරණ කොට ගෙන
සෙරෆිනෝ නිරතුරුවම අමාරුවේ වැටෙන බැවිනි. කොලොන්නා චතුරස්‍රයේ අවන්හලක් වෙත මම ඔහු
හමුවීම පිණිස ගියෙමි. මොහොතකට පසුව ඔහු සිය පළමුවැනි බොරුව සමග එතැනට ආවේය. ඒ සිය
හාම්පුතාට අයත් වටිනා ‘විශේෂ මාදිලියේ‘ මෝටර් රියේ නැගී පැමිණෙමිනි. ඔහුගේ
හාම්පුතා රෝමයෙන් පිටත ගොස් සිටි බව මම දැන සිටියෙමි. තරමක දුර සිටම ඔහු මට අත
වැනුවේ එක්තරා උද්ධච්ඡ ආකාරයකින් හරියට මෝටර් රථය ඔහුට අයත් එකක් වූවාක් මෙනි. ඉන්
අනතුරුව හෙතෙම රථය ගාල් කළේය. ඔහු මා වෙතට එත්ම මම ඔහු දෙස බැලුවෙමි. ඔහු ජේත්තුවට හැඳ පැළඳ සිටියේය. කෙටි, පටු කහ
පැහැති කොඩ්රෝයි කලිසමකින්ද පිටුපසින් පැලූ කබායකින්ද ගෙල වටා ගැටගසන ලද වර්ණවත්
ලේන්සුවකින්ද ඔහු සැරසී සිටියේය. යම් හේතුවක් නිසා මා තුළ පිළිකුල් සහගත්
හැඟීමක් ඇතිවූ අතර ඔහු හිඳ ගන්නා විට මම යම් කර්කශ බවකින් යුතුව මෙසේ කීවෙමි. “උඹ
හරියට කෝටිපතියෙක් වගේනේ. ”
2013/02/10
2013/02/03
නිදහස-ඛලීල් ජිබ්රාන්
කියනු මැන අප හට
නිදහස පිළිබඳව
පැවසීය එක්
දේශකයෙක්
පිළිවදන් දිණි
හෙතෙම මෙලෙසට:
තමන් මරනා බව දැනම
රුදු වහල් හිමියෙකු අස
දණින් හෙව ඔහු පසසන
වහලුන් බඳුව
පුරදොර
අබියසද, ගිනි මැලය පසෙකද වැතිර
ඔබ ඔබේ නිදහසටම
වඳින පුදනා‘යුරු මම දිටිමි
ඔබ අතරින් නිවහල්ම
මිනිසුන් සිය නිදහස
වියගසක්, විලංගුවක්
ලෙස පළඳින අයුරු
දෙව්මැඳුරු
අරඹෙහිද, බළකොටු ඇතුළෙහිද මම දිටිමි
නිදහස සොයා යන ආශාවම
පවා සන්නාහයක් වූ කල,
අරමුණක්, ජයග්‍රහණයක්
ලෙස නිදහස ගැන දෙඩුම
ඔබ
නැවැත්වූ කල පමණක්ම ඔබ නිදහස් වන බැවින්
මගේ හද ඇතුළතින්
තුවාලව ලේ ගැලීය
ඔබ සැබැවින්ම නිදහස
ලබනුයේ,
ඔබගේ දිවා කල
කම්කටොල්ලෙන්ද
ඔබගේ රෑ කල
ශෝකයෙන්ද තොරවූ විට නොව
මේ සියලු පිරිපත
මැඩ නිවහල්ව, නිරුවත්ව
ඔබ නැගී සිටින විට
පමණකිය
ඔබගේ බුද්ධියේ
අලුයම් කල සිට
දහවල් වනතුරුත් බැඳ
ඇති යදම් නොකඩා
කෙසේනම් දුක් ගැහැට
පිරිපත
මැඩගෙන නැගිටිනුද ?
හිරු රැසින් දිලිසී
ඔබ නෙත් අඳ කරන
පුරුකෙන් සුසැදුණද
නිදහස යැයි ඔබ කියන
දෙය
ඒ අතරින් සවිමත්ම
යදමය සැබැවින්ම
නිදහස ලැබුම උදෙසා
ඔබ ඉවතලන්නේ
ඔබගේම ආත්මයේ
බිඳුණු කැබිලිති විනා
අන් කවරක්ද ?
ඔබ අහෝසි කරනුයේ
අසාධාරණ නීතියක් නම්
එය ඔබ විසින්ම ඔබ
නළලත ලියා ගත්තකිය
නීතිපොත් ගිනිබත්
කළද, විනිසුරන් නළල මත
මහ මුහුද වත් කොට
සෝදා හළද
ඒ නීතිය මකා දමනු
නොහැකිය
ඔබ පළවා හරිනුයේ
ඒකාධිපතියෙකු නම්
ඔහුගේ සිහසුන ඔබ
ඇතුළාන්තයෙන්
විනාශ කොට ඇතිදැයි
පළමුව බලනු මැන
ඔබගේම නිදහසෙහි
ගැති බවත්, ඔබගේ අබිමනෙහි අවමනත්
නොමැත්තේ නම්
දරුණු පාලකයෙකු
කෙසේ නම්
නිදහස්, අබිමන්
මිනිසුන්
පාලනය කරන්නේද ?
ඉදින් ඔබ ඉවතලන්නේ
බරක් නම්
ඒ බර ඔබම
තෝරාගත්තක් මිස
ඔබ මත බලෙන් පටවනු
ලැබූවක්
නොවන්නේමය
ඉදින් ඔබ ඉවතලන්නේ
බියක් නම්
ඒ බිය ඇත්තේ ඔබගේම
හදවතේ මිස
වෙනෙකෙකු සතුව නම්
නොවේ
ආශාවද බියද,
පිළිකුල් කටයුතු දෙයද අදරින් වැලඳගත් දෙයද,
ඔබ සොයා යන දෙයද ඔබ
කෙරෙන් පළා යන දෙයද,
යන මේ සැමෙකක්ම ඔබ
තුළ නිරතුරු ගැවසිගත් ඒවාය
එකිනෙක වෙත ඇලුණු
එළිය හා සෙවණැලි පරිද්දෙන්
ඒවා ඔබ
තුළ නිරතුරු සැරි සරයි
සෙවණැල්ල මැකී ගොස්
අතුරුදන් වූ කල
රැඳුණු ආලෝකය තවත්
එළියක සෙවණැල්ල වන ලෙද
ඔබගේ නිදහසද යදමින්
මිදුණු විට
තව විසල් නිදහසක
බන්ධනය වනු ඇත
ඛලීල් ජිබ්රාන් (1883-1931)
(අනාගත වක්තෘවරයා
කෘතියෙනි)
Subscribe to:
Posts (Atom)