2020/09/12
2020/09/06
සංවේදනා
ගිම්හානයේ නිල්වන් සැඳෑවල,
පය තබා කදිම තණපත් මත
ඇනෙන තුත්තිරිවලින් පීඩිතව
අඩිපාරවල පිය නඟමි මම.
තණපත්වල සිසිල,
දැනෙනු ඇත මා දෙපයට,
සිහිනයකදි බඳුව.
හමන සුළඟට,
හිස්වැසුම් විරහිත
මහිස නහවන්නට
ඉඩ හරිමි මම.
නොනැඟෙනු ඇත
කිසිදු සිතිවිල්ලක් මසිත:
එනමුදු පිරී යනු ඇත ආත්මය
ආදරයෙන් අපරිමිත.
ඇවිද යනු ඇත මා බෝ දුර
සොබාදහමෙහි සරන
අහිකුණ්ටිකයකු විලස----
ප්‍රීතියෙන් ප්‍රමුදිතව
මියුලැසියක මා සමඟ
සිටිනා කලෙක මෙන.
- ආතර් රැම්බෝ (1854-1891)
(ස්ටැන්ලි අපෙල්බෝම් ප්‍රංස
බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)
Painting by: Edward
Mitchell Bannister
Subscribe to:
Posts (Atom)

