අඳුරු වෙයි රාත්‍රිය මා වට කර
වියරු වූ සුළඟ හමයි දැඩි
සීතෙන්
එනමුදු කුරිරු මතුරකින් බැඳී
ඇත මා
මට යා නොහැක, මට යා නොහැක
සුවිසල් වනස්පති නැමෙත් මා
දෙසට
කොළ රහිත එහි අතු බරව ඇත
හිමෙන්
කුණාටුව හමා එයි ළඟ ළඟම
නමුදු මට යා නොහැක, මට යා
නොහැක
පෙළින් පෙළ මේ කුළු මා හිස
මතින් ඇත
පාලු මුඩු බිම් යාය පහතින්
විසිර ඇත
ගොරතර කිසිවකට මා සොලවනු
නොහැක
ඉදින් මම නොයන්නෙමි, මට යාමට
නොහැක
-එමිලි බ්‍රොන්ටේ (1818-1848)
බ්‍රොන්ටේ සොයුරියන්ගේ විශේෂයෙන් එමලි ගේ නිර්මාණ වල මේ අඳුර, කුණාටුව, තෙත දැනෙනවා - මේ කවත් කැතරින් අර්න්ශෝ - හා හීත්ක්ලිෆ් මතකයට ගෙනෙනවා - අපූරුයි නිලූක පරිවර්තනය.
ReplyDeleteස්තූතියි සමන්මලී. මටත් මැවී පෙනෙන්නේ ‘වදරිං හයිට්ස්‘ම තමයි.
Delete