නොඑනු මැන, මා මළ පසු
ඔබේ බොළඳ කඳුළු මා සොහොන මත සලන්නට
නොඑනු මැන, පයෙහි නොඇලෙන දුක්
දූලි පාගා
වැදහොත් මා හිස වටා යන්නට
ඉඩ හරිනු මැන එහි සුළඟට
හමන්නට
ඉඩ හරිනු මැන එහි විහඟුන්ට
ගයන්නට
එහෙත් යනු මැන, නොපැමිණ මා
සොහොන වෙත
දරුව, ඒ ඔබේ වරද
වුව, අපරාධය වුව
කම් නැත මට ඉන්, නොගනිමි
මම එය ගණනකට
විවාපත් වෙනු මැන ඔබ රිසි
කෙනෙකුන් සමග
කාලයෙන් රෝපත්ය මම, රිසියෙමි
ඉසිඹු ලන්නට
ඉදින් යනු මැන දුබල හදවත
මා හට වැතිර ඉන්නට ඉඩ හැර
යනු මැන, යනු මැන,
නොපැමිණ මා සොහොන වෙත
-ඇල්ෆ්‍රඩ් ටෙනිසන්
(1809-1892)
ඒකට සිංහල ගීත සාහිත්‍යය බලන්නකෝ..................
ReplyDeleteමා මල පසු සොහොන් කොතේ දුක් ගීතයක් ලියනු මැනවි....
--------- මගෙ ළග තනියට ඉනු මැනවී
සංස්කෘති දෙකක වෙනස !
Deleteඔබට මා අතැර යන්නට වූ පසු
ReplyDeleteකිසි දිනෙක නොගියෙමි නුඹ සොහොන වෙත
නුඹ මගේ හදවතෙහි මිස එහි සිටින්නට හැකිද
කුමට පාරවන්නෙද ඔබ පාමුලට විත් පසුගිය මතක
නුඹ නොවන නුඹට මැකී යන්නට දෙමි නිසසලව
සුළඟ හමයි මල් කිනිති සැලෙයි
කඳුකරයේ නිසල බව නුඹ වටා විහිදෙයි
නුඹට යන්නට සිදු වූ පසු ඉවතට
රැගෙන ආවෙමි මම නුඹ මගේ හදවතට
එහෙත් ඉකි නොගැසුවෙමි
යන්නට නොහැකි වෙන ලෙස නුඹට
ඇදී යා යුතුය ඔබ ඉඳින්
වලාවක් වගේ සිහිලෙන් සැහැල්ලුවෙන්
මතකයන්ගේ බරින් මුදාහැර ඔබව
රැගෙන ආවෙමි මල් සුවඳ
මේ බලන්න
මගේ කන් පෙති මත මල් පිපී ඇත
සාරියේ රන් රෝස මල පවා ඔබගේය