රාජ කුමාරිකාවක් ආවාහ කර ගැනීමේ
බලාපොරොත්තුවෙන් හිටිය රාජ කුමාරයෙක් එකෝමත් එක කාලෙක හිටියා. හැබැයි ඒ කුමාරිකාව සැබෑ
රාජ කුමාරිකාවක් වෙන්න ඕනෑ. එහෙම කුමාරිකාවක් හොයාගෙන කුමාරයා මුළු ලෝකෙ වටේම
ගියත් ඔහුට අවශ්‍ය කරපු කෙනා හොයා ගන්න බැරි වුණා. රාජ කුමාරිකාවන් ඕනෑ තරම්
හිටියත් ඒ අය නියම රාජ කුමාරිකාවන්ද කියලා හොයා ගන්න එක අමාරු වැඩක් වුණා. ඒ හැම
කෙනෙකුගේම මොකක් හරි අඩු පාඩුවක් තිබුණා. ඉතින් කුමාරයා ආපහු ගෙදර ඇවිත් දුකෙන්
කාලය ගත කළා. මොකද නියම රාජ කුමාරිකාවක් හොයා ගන්න ඔහු බොහොම කැමැත්තෙන් හිටිය
නිසා.
එක දවසක හැන්දෑ වරුවේ විශාල කුණාටුවක් ඇති
වුණා. අහස ගොරවමින්, අකුණු ගසමින් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුණා. හදිසියේම
නගරයේ ද්වාරයට කවුරුන් හෝ තට්ටු කරන ශබ්දයක් ඇසුණා. ඒ කවුරුන්දැයි බලන්න කුමාරයාගේ
පිය රජතුමා නගර ද්වාරය ළඟට ගියා.
එහෙම ගිහින් බලන කොට නගර ද්වාරය ඉදිරිපිට
හිටගෙන හිටියේ කවුද දන්නවද, රාජ කුමාරිකාවක්. ඒත් වැස්ස සහ සුළඟ හේතුවෙන් ඇය හොඳටම
තෙතබරි වෙලයි හිටියේ. ඇගේ හිසකෙස්වලිනුත් ඇඳුම්වලිනුත් වතුර බේරුණා. ඇඟ දිගේ
බේරුණු වතුර ඇගේ පාවහන්වල ඉදිරිපසටත් පසුපසටත් වැක්කෙරුණා. එහෙම වුණත් තමන් නියම
රාජ කුමාරිකාවක් බව ඇය කියා හිටියා.
“හොඳයි, අපට ඒක ඉක්මනටම දැන ගන්න
ලැබෙයි,” කියලා මවු බිසව හිතුවා. එහෙත් වචනයක්වත් නොකියපු ඇය
යහන් ගබඩාවට ගිහිල්ලා, ඇඳ මත තිබුණු ඔක්කොම කොට්ට මෙට්ට අයින් කරලා ඇඳේ ලෑල්ල
උඩ රටකජු ඇටයක් තැබුවා. ඊට පස්සේ ඇය ගුදිරි විස්සක් ඒ රටකජු ඇටය උඩින් ඇතිරුවා. ඒ
ගුදිරි විස්සට උඩින් මුහුදු තාරාවන්ගේ පිහාටු පුරවපු ඇඳ ඇතිරිලි විස්සක් ඇතිරුවා.
ඒවා මත වැතිරිලා කුමාරිකාව රැය
පහන් කළා. කලින් දා රෑ ඇයට හොඳින් නින්ද ගියාද කියලා පහුවදා උදේ ඇගෙන් අසනු
ලැබුවා.
“අනේ මට හරියට නිදාගන්න
බැරි වුණා !” කියලා ඇය උත්තර දුන්නා. “ ඊයේ රෑ මට යාන්තමින්වත් ඇහැ පියා ගන්න බැරි
වුණා. ඇඳේ මොකක් තිබුණද මම දන්නෙ නෑ, ඒත් මම වැතිරිලා හිටියේ මොකක් හරි තද
දෙයක් උඩ. ඒ තද දේට හිටලා මගේ මුළු ඇඟම තැලිලා. හරිම අමාරුයි !”
ගුදිරි විස්සත්, පිහාටු
පුරවපු ඇඳ ඇතිරිලි විස්සත් පාසා කරගෙන රටකජු ඇටය තිබෙන බව ඇගේ සිරුරට දැනුණු නිසා
ඇය නියම රාජ කුමාරිකාවක් බව ඔවුන් දැන් දැන ගත්තා.
නියම රාජ කුමාරිකාවක් ඇර
වෙන කෙනෙකුට එච්චර සංවේදී වෙන්න බෑ.
තමන්ට නියම රාජ කුමාරිකාවක්
ලැබුණු බව දැන ගත්තු කුමාරයා ඒ කුමාරිකාව සරණ පාවා ගත්තා. අර රටකජු ඇටය
කෞතුකාගාරයක තැන්පත් කෙරුණා. ඒක කවුරුහරි හොරකම් කරලා නැත්නම් තවමත් දැකගන්නට
පුළුවන් ඇති.
මේක ඇත්ත කතාවක්.
-හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)
ස්තුතියි.. නිලුක.. ඔබගේ කාර්යබහුල කම පේනවා මේ කතා වලින්.
ReplyDeleteහා. මාත් මේ කතාවම අනුවර්තනය කලා ටික කාලෙකට කලින්..
ඇටයක් උඩ කුමාරියක්
ජය වේවා
ඔබේ කතාව කියෙව්වා. ඒක ඉතා අපූරුවට කරලා තියෙනවා. මම මේ වෙලාව නැති නිසා පොඩිම කතාවක් තෝරාගත්තේ.
Deleteඉල්ලීම ඉටු කළාට ඔබට ස්තුතී නිලූක...
ReplyDeleteකතාව ලස්සනයි..
ඔබටත් ස්තූතියි.
Deleteරටකජු ඇටේට ඔහොමනං අනිත් ඒවට කොහොම තියෙයිද රාජ කුමාරයත් එක්කනං කුමාරිට ජීවිතේට නිදාගන්න ලැබෙන්නෑ හිටං.
ReplyDeleteඅම්මප ඔව්. ඕක මට කල්පනා වුණේ නෑනෙ ආයිබෝං.
Deleteහොදයි හොදයි දේශකයගෙ එකටත් ගිහින් බලන්නම්
ReplyDeleteදේශකගේ කතාව මේකට වඩා හොඳයි. ගිහින් බලන්න.
Deleteමට හිතෙනවා "හාන්ස්" සැඟවුණු කතාවක් කියනවා කියලා මේකේ.රාජකීයන්ට අවශේෂ අයගේ දුක දැනෙන්නේ නැහැ වගේ.රටකජු ඇටයක් නිසා නින්දට බාධා වුනු කුමාරිකාවක් කවදාවත් කාගෙවත් දුක හදුනන්නේ නැති වේවි.
ReplyDeleteඔබේ පරිවර්තනය මා කියෙව්වා නිලුක.ඉතා කුඩා සටහනක්ද මා ඒ ගැන තැබුවා.
මේ කතාව පලවෙනි වතාවටයි කියෙව්වෙ අපූරුයි. කොහොමහරි වෙලාව හොයාගෙන දිග කතා දෙක තුනක් දාන්න.
ReplyDeleteබඩු මාට්ටු වෙනවා පුතී. පාරෙන් අයින් වීලා යන්න පුතී
Deleteමේ "නියම කුමාරිකාව" කියන සංකල්පය හාන්ස් ට කොහෙන්ද ආවේ කියලා නිලූක දන්නවද.. එහෙමත් නැත්නම් "නියම" කුමාරිකාවක් මේ ලොකේ කොහේ හෝ ඇති කියලා හාන්ස්ට හිතුනේ ඇයි ???
ReplyDeleteමං කැමතියි ඒ කතාව දැනගන්න යාලුවා...
Delete