2010/04/29

හිරුගේ වදන











හැර දමන්න ඔබේ කවුළු

හැර දමන්න ගෙයි දොරවල්
එන්නට දෙනු මැන මා හට
ඔබේ කුඩා නිවස තුළට

ගෙනෙමි ඔබට රන් - කහ මල්
ගෙනෙමි ඔබට කැළෑ සුවඳ
ගෙනෙමි ඔබට උණුසුම මම
ඔබේ ගතට පිනි සමගින

බොහෝ කලක් වසා තිබූ
කුඩා, සිඟිති ලී කුටි බඳු
ඔබේ හදවතේ ජනේල හැර දමන්න
හදවත්වල ඇති හිස් බව
මල් සුවඳින්, රිවි කිරණින්
උණුසුම හා තුෂාරයෙන්
පුරවාලන්නට මා හට ඉඩ හරින්න

ඉක්මන් කර අවදිවෙලා
හිස ඔසවා අවට බලා
පිසදමලා නිදිබර වූ ඇස් පිහාටු
දෑස් හයා මා එන හැටි
බලනු මැනව !

-අයි ෂිං

2 comments:

  1. අයියාගේ බ්ලොගය කියවා
    හරිම සතුටක් දැනුනා

    දිගින් දිගටම සැමදා
    අලුත් කවි ලියවේවා

    ReplyDelete
  2. හෑර දමන්නම් කව්ළු
    හෑර දන්නම් දොරවල්
    එන්නට දෙන්නම් ඔබට
    කුඩා මගෙ නිවස තුලට

    එපා ගෙනෙන්න රන් කහ මල්
    එපා ගෙනෙන්න කෑලෑ සුවද
    එපා ගෙනෙන්න ගත දවන උනුසුම
    එපා ගෙනෙන්න සිත කිරි ගෑහෙන සිසිල

    ගෙනෙ නම් නොවියලෙන මලක්
    ගෙනෙ නම් නොමියෙන මිනිස් සුවදක්
    ගෙනෙ නම් ගත නිවන සිසිලක්
    ගෙනෙ නම් මද මුදු සිසිලක්

    බාගෙට නොවේ
    හෑර දමන්නම් හෑකි මුලු වෙර දමා
    මෙතුවක් කල් වසා තිබු හෑම දොරටු...

    හෑබෑයි....
    නුබ ආ පසු
    පිට වි යා හෑකි
    සියලු දොරටු වසා දාමා ඈති ලෙස
    සදාකල් කුඩා නිවහනේ ඉන්නට හෑකි නම්
    විතරක්....

    හෑබෑයි....
    නුබ වරක් ආ පසු
    සෑම දිනම නොවරදවා
    සිත ගත නිවන
    මද මුදු නොවියලුනු මලක් බදු මිනිස්කමෙ සුව්ද
    රෑගෙන සදාකල් එන්නට හෑකි නම්
    විතරක්....

    එන්න ඉක්මන් කර
    හෑරදමා ඈත කුඩා නිවහනේ
    සියලු දොරටු බාගෙට නොවේ
    හෑකි උපරිමෙන්.................................

    ReplyDelete

සෙවුම්