2010/04/27

නොගිය මග ....





කහ පැහැති වන තුරුපතර
දෙමගක් දෙපසට බෙදී ඇත
අහෝ එක් මගියෙක්මි මම
දෙමගෙහිම යා නොහැකි එකවර


බොහෝ වේලා ගත කොට
බැලුවෙමි එක් මගක් දෙස
වැටී ඇත ඒ මාවත
සරුවට වැඩුණු වන මැද

ඉන්පසු බැලිමි දෙවැනි මග
වල් බිහිව ඇත එහි තදින්
එනමුදු ගතිමි ඒ මග
කිසිවකුත් එය නොමගත් හෙයින්

නොපෑගුණු තුරුපත්
වැටී ඇත දෙමගෙහිම
පා සටහනක්වත්
වැටී නැත ඒ මතින්.

වෙනත් දිනයක පැමිණ
ගනිමි මම පළමු මග
සිතා එතැනින් ගියද
යළිත් කවදාවත්ම එහි
පැමිණෙනු හැකිවෙයිද
පැන නැගිණ කුකුසක්
මා හදවත පතුළ

යුග ගණනකට පසු
කියනු ඇත මා මෙලෙස
හදවතින් නැගෙනා
සුසුමක්ද සමගින් :

"කහ පැහැති තුරු අතර
දෙමගක් දෙපසට බෙදිණි
ගතිමි මම එතැනින්
කිසිවෙකුත් නොමගත් මගම
එබැවිණි වෙනස් වූයේ
මගේ මුළු දිවියම"



-රොබට් ෆ්‍රොස්ට්

2 comments:

  1. Great work !! From all of poems so far, I like this the most. Pls publish if you have more of Robert Frost.

    ReplyDelete
  2. නිලූක මහත්මයා සත්‍ය වශයෙන්ම අලංකාරවත් පරිවර්තනයක්. මුල් කෘතිය තුල ඇති සුන්දරත්වය නොනැසී තියෙන බව සහතිකයි. ඔබගේ පරිවර්තන වල සරළ සුන්දර බවට මා කැමතියි. අපටත් මේ විදියටම ගත් මගක වැරැද්දක් වයසින් මෝරා යන විටක පෙනේවි නමුත් එයට තිබූ ධෛර්යයත් ඉන් ලත් අත් දැකීම්ද යමෙකුට නිවැරදි මග තෝරා ගන්නට ශක්තියක් වේවි.

    ReplyDelete

සෙවුම්