2019/10/24

ග්‍රීක දෙව්රුව
























ඔබ නිදයි සන්සුන් ලෙස.
ඔබ අවදිවනු ඇතැයි බියෙන්
නොසෙල්වී සිටිමි මම.
දෑස් දල්වා සිටිමි මම ඔබ වුවන දෙස
ඔබ සෙමෙන් හුස්ම ගන්නා දෙස.

ඔබේ රන් කෙහෙරැළි
මුදුව ස්පර්ශ කරනෙමිය.
රක්තවන් ඔබ දෙතොල මත
හාදුවක් තබනෙමිය.
වැසුණු ඔබ ඇසිපිය
සෙමෙන් අතගාමිය.

කවර නම් සිහිනයක
ගැලී ඉන්නෙද ඔබ? 
කවර විසිතුරු කල්පනා
තවත් ඇත්තේද සිත තුළ?
කවර නම් වූ දෙයක්
මා කෙරෙන් ඕනෑද?
කිනම් සැඟවුණු ප්‍රීතියක්
තවත් ඔබ සොයන්නෙද?

කිසියම් සුරඟනක් වනා සිය යෂ්ටිය
අවදිවන විට ඔබ හෙට උදෑසන
ඔබ සිහිනයෙන් දුටුවා වු සියලු දෙය
ජීවිතේ සැබෑවක් වේවායි පතමි මම.

ග්‍රීක දෙවියකුගේ පුනරුත්පත්තියක් වැනි
සුන්දරබවින් පිරි ඔබ අවදිවන කල 
ඔබගේ දිව්‍යමය ඇප්‍රොඩයිට්* දෙවඟන
ඔබට හමුවනු ඇත.














-කවිතා සිංගාල් 

*ඇප්‍රොඩයිට්- ආදරයට,සුන්දරත්වයට, සන්තුෂ්ටියට හා කාමයට අධිපති ග්‍රීක දෙවඟන


A Greek God- by Kavita Singhal

So peacefully
you lie asleep
I dare not move
lest I rouse you
I just fix my gaze
on your face
I watch you
gently breathe

Your golden locks
I slowly touch
A kiss I plant
on your ruby red lips
Your closed eyelids
I tenderly caress

What dreams
do you dream? 
What fantasies
still linger in your mind?
What is it 
you still want of me?
What hidden joys
do you still seek?

I pray a fairy
waves her magical wand
So when you awaken
In the dawn
The dream you dreamt
becomes your life’s reality

As beautiful as you
An incarnation
of a Greek god
You wake up to find
a goddess so heavenly

Your Aphrodite 

4 comments:

  1. සන්සුන් ලෙස නිදන නිසා වෙන්න ඇති මේ තරම් සුන්දර.

    ReplyDelete
  2. ඔබ විසින් පරිවර්තනය කළ කවි එකතුවක් පළ වන දිනය ගැන බලා සිටින පාඨකයෙක් මම.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ගැන හිතමින් ඉන්නේ. සමහරවිට මේ අවුරුද්දේ කරගන්න පුළුවන් වෙයි. ස්තූතියි බලා සිටීම ගැන.

      Delete

සෙවුම්