2022/07/31

රැයේ රන් මදිරා කුසලාන

 












මරතෝණ්ඩි රටා ඇඳ ඇත මා දෑතෙහි.
කිකලෙක නම් පෙරළා පැමිණෙයිද ඔහු?
දුරු ඈත දේශවල ඔහු ඇවිද යන අතර
මියයමින් සිටිමි මම, මහද හිරි වැටී ඇත.
 
බලා සිටියෙමි බෝ කලක් ඔහු එන තුරු.
දිවාකල එළියෙහි දැන් කොහි වේද සතුටක්?
රැයේ රන් මදිරා කුසලාන පවා
යන්නේය අඳුරු වී.
 
එසේවුව ප්‍රේමයේ පිළිවෙත මිහිරි වේ තවමත්.
ඉදින් සරසනු හැකිනම් මා පෙම්බරා අබරණින්,
සුවඳ ගල්වා ඔහු තුනු සිරුර,
අබිසෙස් කරනු හැකිනම් මා චුම්බනවලින්.
 
ඇතුළතින් බිඳී ඇති මුත් මා,
පෙම, නුඹ නිසාවෙන්,
බලනු මැන විල සිසාරා.
අර පිපෙන්නේ මහදෙහි සියපතයි.



 




- හබ්බා ඛාතූන් (1554 – 1609)
 
(අභය් කේ. සහ බිල් වොලක් කාශ්මීරි බසින් ඉංගිරිසියට කළ අනුවාදයෙනි.)

4 comments:

  1. කාලෙකට පස්සෙ.... ප්‍රේමනීය පරිවර්තනයක්. ❤🌹❤

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට. කවියක් පරිවර්තනය කරන්න කාලය සොයා ගැනීමට අමාරු වුණා.

      Delete
  2. සොයා රන් කුසලාන
    පැමිණියෙමි නමියගේ
    වීදියේ සඳහනින්
    තුටුය, ඔබෙ මදිරාවෙ
    හෙළ බසෙහි අසිරි දැක-
    මගේ දැනුමට අනුව
    නිවැරදිය නණලළත්!

    ReplyDelete
    Replies
    1. ඔබේ කවි පිළිතුරට බොහොම ස්තුතියි. අක්ෂර වින්‍යාසය නිවැරැදිව ‌භාවිතා කරන්නට මා සැමවිටම වෑයම් කරනවා.

      Delete

සෙවුම්