බලකොටුවක් සේ දැඩි රැකවල්
කළ
නිවසේ පවුරුවලින්
එක එක ළඟ සවිකළ දොරගුළුවල
සවිමත් ගාංචුවෙන්
තදින් වසාලූ දොරවල් පසුපස
තිබෙනා සිපිරි ගෙයින්
පාවී යන්නට මුදු ලෙස මා හට
අවසන ඉඩ හළ මැනව ඉතින්
මුදුබවේ යතුරෙන් දොරගුළු
විවර කොට
කොඳුරා, දොරවල් හරිනු මැන
ආත්මය
ඉඩ හළ මැනව මට පාව යන්නට
පෙරට
නොනගා හඬක් ඉදින්
නොඉවසිල්ලෙන් තොරව,
මුදුබවින් යුක්තව,
ඉඩ හළ මැනව මට
පාව යන්නට පෙරට
(නැසෙන සුළු ශරීරය
බලවත්ය ඔබගේ බැඳුම
අහෝ! ප්‍රේමාදරය
බලවත්ය ඔබගේ බැඳුම)
-වෝල්ට් විට්මන්
(1819-1892)
චිත්‍රය: අල්බ්‍රෙක්ට් ඩියුරර්
waradden palayamak
ReplyDeleteමෙය වරදෙන් පලායාමකට වඩා තෘෂ්ණාවෙන් පිරි බැඳීම්වලින් පිරි නිස්සාර ජීවිතයෙන් සමුගෙන යාමට ඇති අසීරුබව දක්වන කවියක් බවයි මට හැඟෙන්නේ.
Deleteයන්නට අවශ්‍ය වුණත් යන්නට ලෝබකමකුත් ඒ කියන්නෙ යන්නට බැරි ඇලීමකුත් තිබෙන බවක් ඡායාමාත්‍ර වශයෙන් පෙනී යනවා නේද?
ReplyDeleteහරියට හරි. ඒක ඇත්ත.
Deleteමං කැමති යන්න
ReplyDeleteආයෙම නොඑන්න
වතු සුදු මල් අඬන කොට ගිලන් වූ විලාසෙන්
මන්දාරමක් වගේ තනි වෙලා ඉන්න
මං කැමති යන්න
ආයෙම නො එන්න
වලා උගුරක් උරා කඳු හිස
මිහිදුම මුදා හැර නිම්නය
මං කැමති මල් සුවඳ වෙලා ඉන්න
සුළඟ හා පාවෙලා යන්න
කලා සිඳවා අමාවක රැය
පහන් තරුවක් වැටේ ගඟ දිය
මං කැමති මුනිවත දරා ගන්න
නිසල වී නික්මිලා යන්න
මා හැමදාමත් කියන්නා වගේ මේ කවි දැක්කාම මගේ පරිවර්තන මොනවද කියලා හිතෙනවා.
Deleteකඳුගේ කවිය ඉස්සෙල්ලා කියෙව්වා.. පස්සේ තමා මෙතැනට ආවේ.. එතකොටයි හොදටම වැදුනේ..
Deleteඇත්තටම කඳුගේ කවිය පිළිතුරු කවියක්.
Deleteඅගේ අැති බ්ලොගයක්........ අදයි අාවේ........... දිගට ම ඒන්නම්.. දිගට ම ලියන්න........ ජයවේවා
ReplyDeleteබොහෝම ස්තූතියි.
Deleteඅජිත් අයියගෙ දර්ශකෙන් දැක්කේ නියම පිටුවක්
ReplyDeleteජයවේවා......!
පැමිණියාට ස්තූතියි වර්ණ. ඔබටත් ජය.
Delete