(මහා කවි රබීන්ද්‍රනාථ ඨාකූරයන්ගේ ගීතාංජලී කාව්‍යයේ 74
වැනි පැදිය)
අවසානය දවස,
සෙවණැල්ල ඇත මිහිකත වසාගෙන
පුරවාලනු පිණිස මා දිය බඳුන
ගංතෙරට යායුතු වෙලාවයි මෙය
නදියේ සෝබර මියැසියෙන්
පිරී ඇත සැඳෑ වාතලය
අහා! එය කැඳවයි මා
ගොම්මන් අඳුර වෙත
හුදෙකලා පටුමගෙහි
යනෙන කිසිවෙකුත් නැත
නැගී එයි මාරුතය
මවා නෙක රැළි දිය මත
නොදනිම් ඉතින් මා යළි
ඒ දැයි නිවහනට
එලෙසෙම නොදන්නෙමි
කවුරුන් හමුවෙයිද
දිය මංකඩ අසළ, කුඩා ඔරු කඳ මත
නන්නාඳුනන ඔහු, වයයි සිය වීණාව.
අපූරු නිර්මාණයක් . අපිත් ඒ පරිසරයටම පරිසරයටම අරන් යන හොඳ පරිවර්තනයක්
ReplyDeleteඔබේ අදහසට බෙහෙවින් ස්තූතියි තිලක අයියා.
DeleteGreat work Niluka.... TX so much
ReplyDeleteThank you Sanath. Appreciate your comment.
Deleteමම විශ්ව සාහිත්‍යයේ පොතපත බෙහෙවින් කියවල තිබුණත් මේ ගීතාංජලිය මෙතෙක් කලක් කියවන්නට ලැබිල නැහැ.මා හිතන හැටියට ඔබ කියවන්නට ඇත්තේත් මෙහි ඉංගිරිසි පරිවර්තනය විය යුතුයි.ඔබේ පරිවර්තනය බෙහෙවින් සිත් ගන්නා සුළුයි නිලුක.
ReplyDeleteමා මේ පැදිය පරිවර්තනය කළේ ගීතාංජලියේ ඉංගිරිසි පරිවර්තනය ඇසුරෙනුයි. හැබැයි ඉංගිරිසි පරිවර්තනයත් රබීන්ද්‍රනාථ ඨාකූර්ගේ මයි. වංග මුල් කවියෙන් පරිවර්තනය කරන්නට තිබුණා නම් අගෙයි. මා ළඟ ඇති පොතේ වංග මුල් කවියත් ඉංගිරිසි පරිවර්තනයත් දෙකම තියෙනවා. අවසනාවකට වගේ මට වංග භාෂාව තේරෙන්නේ යාන්තමින්. කියවන්නට නම් කොහොමවත්ම බැහැ. කියවා අදහස් දැක්වූවාට ස්තූතියි හැලපේ. ගීතාංජලිය අරගෙන කියවන්න.
Deleteඔබේ පරිවර්තිත කවි බොහොම අගෙයි. ගීතාංජලියේ පැදි බ්ලොග් අඩවියක් සේ මමත් ලියනවා. මේ එහි සබැඳිය. ඔබේ අදහස් අගයනවා. http://geethanjalee.blogspot.com/
ReplyDeleteස්තූතියි මාධව. මා ඔබේ බ්ලොග් අඩවියට ගොස් බලන්නම්.
Delete