තන්කො නමැති ජපන් හයිකු කවියා විසින් ලියන ලද මේ කවිය යොඑල් හොෆ්මාන්
විසින් සංගෘහිත Japanese Death Poems නමැති කෘතියෙන්
ගෙන පරිවර්තනය කෙරුණකි. එකී කෘතිය ජපන් සෙන් ඇදුරන් හා හයිකු කවීන් සිය
මරණ මංචකයේ සිට කියූ හෝ ලියූ කවිවලින් සමන්විතය. තන්කො (මොහු බෂො
නමැති සුප්‍රකට ජපන් හයිකු කවියාගේ ශිෂ්‍යයෙකි) විසින් සිය මරණයට ටික කලකට පෙරාතුව
මේ කවිය ලියනු ලැබීයැයි සැලකේ. තන්කො,1735 වසරේදී පමණ මිය යන්නට ඇතැයි අනුමාන
කෙරේ.
සිසිලැ’ති සඳ
අදත්,
කොමඩු සිසිලැ’ති සඳ
පායයි කුඹුරු උඩින්
දිවි තොර කරන අවිය:
ඇදී ගොස් දඩයක්කරුගේ නලා හඬ*
වෙත
ඇවිද එයි මුවැත්තියක්
වළා ඇඳුම් අතෙන් එළියට
කාන්දු වූ සඳ
විසුරුවයි සෙවණැලි හාත්පස
සොහොන්ගැප් කන්දෙහි**
කුහර මත
පතිතවෙයි පළමු හිම
-තන්කො
* සංවාසය පිණිස ගැහැනු සතුන් ආකර්ෂණය කර ගැනීම සඳහා සරත් සමයේදී මුවන් විසින්
නගන හඬට සමාන හඬක් නැගෙන නලාවක් දඩයක්කාරයෝ පිඹිති. ඒ නලාව පිඹින විට එම හඬට
මුවැත්තියෝ ආකර්ෂණය වෙති.
** ක්යෝතෝ නුවර එනමින් පිහිටි කන්දකි. ඒ මත සුසාන භූමියක් වෙයි.
චිත්‍රය: Joan A Hamilton
ස්තූතියි! ඒ පොතේ අනෙක් කවිත් මේ තරම් ලස්සනද?
ReplyDeleteබොහෝමයක් කවි ඒ වගෙයි.
Deleteනියමයි.......... වටිනා පරිවර්ථනයක්
ReplyDeleteස්තූතියි අදහසට.
DeleteNiyamai
ReplyDeleteThank you.
Delete