නිබය රණවිරුවන්
මියගිය කල සටන්
වැද
නොවැළලී මහ පොළොව
ධවලවන් පියාපත්
ඇති සුදු කොකුන්
ලෙස
යළි උපදින බවක්
ඇතැම්විට සිතේ මට
එදා සිට අද තෙක්
පියාඹති උන්
හඬමින් අහස්කුස
එනිසා නොවේදෝ
නිහඬව
හිස නගා බලන්නේ අප
උන් පියාඹන සැටි ගුවන
බෝ ඈත රටවල
හැන්දෑව මිය යන කල
වේගයෙන් පියාඹති
කොක් රංචු
අසු පිටෙහි යන කල
මෙන
පියාඹා ගොස් දුර
ඈත
හඬ නගති උන් කාගේ
හෝ නමක්
එනිසා නොවේදෝ
දොඩන විට ආවාර් බස*
හැඟෙන්නේ එය
කොක් නදක් යැයි
නෑසියන් මිතුරන්
විලස
සරති උහු නිලඹර
පෙනෙයි මට ඒ අතර
අඩුවක්
සිතෙයි ඒ අඩුව
මාදැයි
දිනෙක මම උන් හා
එක්වමි
පියාඹමි උන් සමග
අහසේ
පොළොව මත සිටින ඔබ
හට
ඇසෙනු ඇත හඬ මාගේ
*ආවාර් බස
දගෙස්තානයේ බසයි. රසූල් ගම්සාතොව්ගේ මවු බසයි.
-රසූල් ගම්සාතොව් (1923-2003)
පීටර් ටෙම්පස්ට්ගේ
ඉංගිරිසි පරිවර්තනයෙනි.
No comments:
Post a Comment