අග්නි
සීත
සුළඟක් හැමී
රාත්‍රිය
පිසගෙන
දල්වා
තැබූයෙමු
ගිනි
මැලය
රෑ
කල පුරාවට
එකතු
කළෙමි මම
අතීතයේ
දරකෝටු
එකතු
කළෙහිය ඔබ
ගෙවුණු
කාලයේ තුරුපත්
එළියට
ගතිමි මම
බොඳවුණු
මගේ කවි
ඔබ
අතට ගත්තෙහිය
මැලැවුණු
හසුන්පත්
මා
අත්ල මත වූ
ගෙවී
ගිය රේඛා
පිසදමා
හැරිමි මම
ඔබේ
නෙත්වල වූ
වියලුණු
කඳුළු කැට
පිස
හැරියෙහිය ඔබ
අප
අතරත තිබූ
සියල්ලම
පාහේ
පුද
කළෙමු අපි
ගිනි
දෙවියන් වෙතට
අප
සිරුරෙන් නැගුණු
අග්නි
ජාලාවලට
රෑ
කල පුරාවට
සුළං
මුසු කළේ අප
රාත්‍රිය
ගෙවෙන තුරු
ගිනිමැලය
රැකීමට
ගිනි
මැලය අසළ හිඳ
නිශා
කල ගෙවෙන තුරු
වියැකුණු
සබඳකම්
උණුසුම්
කරන්නට
වෑයම්
කළේ අප
-ගුල්සාර් (1936-)
Xcellent
ReplyDeleteරාත්‍රිය පිස සෙමින් හමනා
ReplyDeleteසුමුදු සුළඟට එක්ව නික්මුණු..
අඳුරු දුම් රොටු රැසත් සමඟින්
මගේ සිත රැඳි ඔබේ මතකය
නික්ම ගිය වග ලියා තබනෙමි...
@ nimanthi
ReplyDeleteThank you for your comment.