නිවි නිවී දැල්වෙන තාරකාවෝ
පතිත වෙත් මා නොගැඹුරු ළය
මඬල මත
විල් ජලතලය මත දිලෙනා තාරකා
පරිද්දෙන්
සිහිල්වට හමන මඳ මුදු සුළඟ
සිඟිති රළ නංවයි එක පිට එක
මා ළය මඬල සිසාරා
මා පයට පෑගෙන අඳුරු වූ තණපත්
දොළ පහරක රැඳි තණපත්
පරිද්දෙන්
මා දෙසට දිය බිඳු විසුරුවන
විලාසෙකි
තවදුරටත් මම මා නොවී
මේ සියලු දේ බවට පත්වීම
අහා මිහිරිය ඉදින්
මන්දයත් මා කෙරෙහි මා
විඩාවට පත්වී ඇති හෙයින් !
-ඩී.එච්. ලෝරන්ස්
(1885-1930)
චිත්‍රය: ක්ලෝඩ් මොනේ
ස්තූති නිලූක මේ පරිවර්තනයටත්. වෙනත් බාශාවකින් කවි කියවිය නොහැකි බ්ලොග් කියවන්නන්ට මෙය බොහොම වටින දෙයක්.
ReplyDeleteස්තූතියි කසුන් ඔබේ දිරිගැන්වීමට.
Deleteදැං කතා පරිවර්තනය කරන්න වෙලාවක් නැද්ද නිලූක... හුග දවසකින් කතාවක් කියෙව්වේ නැහැනේ
ReplyDeleteකවියක් වුණත් පරිවර්තනය කරන්න වෙලාව හොයාගන්නේ අමාරුවෙන් දේශක. කතාවක් පරිවර්තනය කරන්න සෑහෙන කාලයක් ගතවෙනවා. :-)
Deleteඅපි අපි ගැනම විඩාවට පත් වූ විට තව දුරටත් අපි අපිම නොවී පරිසරයේ අනෙක් දේවල් සමගින් අනුවර්තනය වීම ඒ විඩාවෙන් මිදෙන්න හොඳ විකල්පයක්ද වේද?
ReplyDeleteඉතා හොඳ ප්‍රශ්නයක් මනෝජ්. :-)
Delete