මිදුණු කෙත්වතු මැදින්
හිමිදිරි පාන්දර
යමින් සිටියෙමු අපි ගැලක.
රත්පැහැ පියපතක්
නැඟිණ ගණඳුර මැඬ.
සාවෙක් පැන දිවී
මඟ හරහා එකෙණෙහිම.
අප අතර හුන් අයෙක්
පෙන්වීය එය අත දිගු කොට.
ඒ බෝ කලකට පෙරය.
සාවාද, ඌ පෙන්වූ මිනිසාද
දැන් ජීවතුන් අතර නැත.
අහෝ මා පෙම්බරිය,
ඔවුන් කොයිබක ගියෙද,
සැණෙන් දිගු කළ අත,
චලනයේ රේඛාව,
බොරලුවල සරසරය,
යන්නේ කොයිබටද,
මා එසේ අසනුයේ
ශෝකයෙන් මැඬී නොව,
විස්මයෙන් මුසපත්ව.
(චෙෂ්වාෆ් මිවෝෂ් සහ ලිලියන් වල්ලු පෝලන්ත බසින් ඉංගිරිසියට
කළ පරිවර්තනයෙනි.)
Painting by Marion Rose.
නිලූක සහෝ, මෙතැන ඔබගේ බ්ලොග් අඩවිය ගැන සහෘද සටහනකි.
ReplyDeletehttp://patayakagepituwa.blogspot.com/2016/08/parivarthana.html
බොහොම ස්තූතියි ප්‍රභාත්. ඔබගේ සටහන කියවීමෙන් මට අවංක සතුටක් දැනුණා.මා ලියන දේවල් කැමැත්තෙන් කියවන, ඒවා තවත් අය සමග බෙදා හදා ගන්නා ඔබ වැනි අය තමයි මගේ නිර්මාණවලට අවශ්‍ය අනුප්‍රාණය සපයන්නේ. දහසක් වැඩ රාජකාරි මැද ‘පරිවර්තන‘ බ්ලොග් අඩවිය දිගටම පවත්වාගෙන යන්නට ඔබ වැනි අයගෙන් ලැබෙන මෙවැනි දිරිමත් කිරීම් මහඟු පිටිවහලක්. මට අවංකවම සතුටුයි. පුවත්පත්වලට ලියන්නට අවකාශ නැතිවීම ගැන නම් මටත් කනගාටුයි.ඔබට යළිත් වතාවක් බොහොම ස්තූතියි.
Deleteඅපූරුයි. ඇත්තෙන්ම ප්‍රභාත්ගේ හෝඩුවාවක් හින්දයි මෙතන්ට ආවේ. "පරිවර්තන" හදුනගන්න ලැබීමත් සතුටක්. ප්‍රභාත්ටත් මාගේ ස්තූතිය.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූතියි දුමින්ද. පරිවර්තන අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
Delete