2016/09/03

දෙබසක්





අම්මේ, ගඟ ඇයි මේ හැටි හිනැහෙන්නේ ?
හිරු දෙවියන් ගඟ කිතිකවන නිසානේ.

අම්මේ, ඇයි ගඟ මේ ගීත ගයන්නේ ?
හඬ මිහිරි යැයි ලිහිණි තෙම කියූ නිසානේ.

අම්මේ, ඇයි ගඟ මෙච්චර ශීතල වෙන්නේ ?
කලකට පෙර හිම පෙම් කළ බව මතක නිසානේ.

මේ ගංගාවට කොපමණ වයසද අම්මේ ?
සදා තරුණ වසන්ත කාලය තරමට වයසයිනේ.

ඇයි අම්මේ ගඟ නොනැවතී ගලන්නේ ?
සිඳු මව ගඟ නිවෙසට එනතුරු මග බලන නිසානේ.














(හැරල්ඩ් රයිට් ජපන් බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

Painting by Suzuki Harunobu

12 comments:

  1. ‘‘මොනවද අම්මේ, අකුරු ජාතියක්‘‘ ගීතය සිහිපත් වුණා. ලස්සනයි. මෑතක මේ වගේම ප්‍රශ්න පත්තරයක් වන පුංචි පුතෙක් හමුවුණා. ඒ අහන ප්‍රශ්න අනුව තේරෙනවා ඒ දරුවා මොන තරම් සංව්දී ද? බුද්ධිමත් ද කියල. එවැනි දරුවන්ගේ බුද්ධීය මොට කරන සමාජයක් තමයි අද තියෙන්නෙ, ඒකයි දුක.

    ReplyDelete
    Replies
    1. මටත් මුලින් මේ කවිය කියවද්දී සිහිපත් වුණේ ඒ ගීතයයි. ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  2. ඉතාම අපූරුයි..ස්තූතියි නිලූක..:)

    ReplyDelete
  3. මටත් මුළින්ම මතක් වුණේ 'මොනවද අම්මේ අකුරු ජාතියක්' කවි පංතිය.

    'සදා තරුණ වසන්ත කාලය', 'සිඳු මව' - ඉතාමත් ලස්සන යෙදුම්. ඔබට බොහෝ තුති.

    ReplyDelete
    Replies
    1. මෙහි පැමිණියාට ස්තූතියි. ඔබේ අදහස ඉතා වටියි.

      Delete
  4. මටත් මේක කියවද්දී මතකෙට ආවේ "මොනවද අම්මේ" කියන අපූරු ගීතය.

    ජයවේවා!!!

    ReplyDelete
  5. හැමදාමත් වගේ අපුරු පරිවර්තනයක්.
    පොඩි ළමයින්ට කොච්චර ප්‍රශ්න තියෙනවාද ලොකු අයගෙන් අහන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ගොඩයි. උත්තර ටිකයි.

      Delete

සෙවුම්