2013/10/31

රජතමය රාත්‍රිය









ඡායාරූපය:- ෆ්ලිකර්.කොම්


රාත්‍රිය පෙඟී යයි
ගංගා ඉවුර දිග
මියැදෙයි අතුරිකිලි ප්‍රේමයෙන්
ඇගේ ළය මඬල මත

මියැදෙයි අතුරිකිලි ප්‍රේමයෙන්

නිරුවත් රාත්‍රිය ගී ගයයි
පාලම්වලට ඉහළින් වසත් කල
නහවන්නීය ඕ සියොළඟ
රෝසමල් හා කරදියෙන්

මියැදෙයි අතුරිකිලි ප්‍රේමයෙන්

රජතමය සුගන්ධිත රාත්‍රිය
පියැසි මුදුනෙහි දිලිසෙයි
දියදහරවල, කැඩපතෙහි රිදියෙන්ද
සුදෝසුදු ඔබ දඟයුග සුවඳින්ද
සැදී ඇත ඒ රාත්‍රිය

මියැදෙයි අතුරිකිලි ප්‍රේමයෙන්

 

ෆෙදෙරිකෝ ගාර්ෂියා ලෝර්කා (1898-1936)

-        ඩෙරෙක් පාකර්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි


2013/09/28

දේශපාලනය- විලියම් බට්ලර් යේට්ස්


















“අපේ කාලයේ මිනිසුන්ගේ ඉරණම සිය අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කරන්නේ දේශපාලන රාමුවක පිහිටා සිටය.”- තෝමස් මෑන්

අර සොඳුරු යුවතිය
එතැන සිටගෙන සිටින කල
රෝම, රුසියානු, ස්පාඤ්ඤ
දේශපාලනය ගැන
කෙලෙස නම් මා
සිත යොමු කරන්නද

බොහෝ රටවලට ගිය
දැන උගත් මිනිසෙක්
මෙතැන දේශනයක් කරයි
ඇසූ පිරූ තැන් ඇති
දේශපාලකයෙක්
සිතා කියවා බලා
කතාවක් පවත්වයි

යුද්ධයත් එහි ඵලත්
එහි හේතුව ගැනත්
ඔවුන් කියනා කරුණු
ඇත්ත වන්නට හැකිය

එනමුදු අහෝ මට
සිතෙන්නේ මෙයමය:
යළි තරුණයෙකු වී
වැළඳ ගන්නට ඇයව











-විලියම් බට්ලර් යේට්ස් 

සෙවුම්