2013/02/24

මම තනිවී සිටිමි-සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා’

















මම තනිවී සිටිමි.
මා දිවියේ සැඳෑ කල
ළඟ ළඟම එන සැටි
පෙනෙයි මට

මහිස කෙස් සුදුව
තුනීවී ගොසිනිය,
වල ගැසී ඇත දෙකොපුල,
ගමනද ඉතා සෙමිනිය:
අවසන්ව ඇත සැණකෙළිය.

තරණය කරන්නට තිබූ
ගංගා, දිය දහර
එතෙර වී ඇති බව දනිම්
සිනහ නගනෙමි දැන්
ඔරුවක් නොතිබූ වග දැක
එතෙර වන්නට එසේ













-සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා (1899-1961)

(ඩේවිඩ් රූබින්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි)

2 comments:

  1. I saw your blog today.I too like translations very much but unfortunately I have no time for translations. So far I have translated one science fiction but I couldn't type it in Sinhala yet.I HAVE BOOKMARKED YOUR BLOG. Hope to visit again and read all the posts leisurely.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ළොවට අවශ්‍ය ඔබ වැනි අයයි. ඉක්මනින්ම සිංහල බ්ලොග් අඩවියක් පටන් ගන්න.. සුභ පැතුම්.. උපරිම සහයෝගය අප ලබා දෙන්නම්...

      Delete

සෙවුම්