2015/03/14

අවසන් යැදුම





















බලකොටුවක් සේ දැඩි රැකවල් කළ
නිවසේ පවුරුවලින්
එක එක ළඟ සවිකළ දොරගුළුවල
සවිමත් ගාංචුවෙන්
තදින් වසාලූ දොරවල් පසුපස
තිබෙනා සිපිරි ගෙයින්
පාවී යන්නට මුදු ලෙස මා හට
අවසන ඉඩ හළ මැනව ඉතින්

මුදුබවේ යතුරෙන් දොරගුළු විවර කොට
කොඳුරා, දොරවල් හරිනු මැන ආත්මය
ඉඩ හළ මැනව මට පාව යන්නට පෙරට
නොනගා හඬක් ඉදින්

නොඉවසිල්ලෙන් තොරව,
මුදුබවින් යුක්තව,
ඉඩ හළ මැනව මට
පාව යන්නට පෙරට
(නැසෙන සුළු ශරීරය
බලවත්ය ඔබගේ බැඳුම
අහෝ! ප්‍රේමාදරය
බලවත්ය ඔබගේ බැඳුම)

 














-වෝල්ට් විට්මන් (1819-1892)

චිත්‍රය: අල්බ්‍රෙක්ට් ඩියුරර්

2015/03/07

ගීතාංජලියෙන්....


























(මහා කවි රබීන්ද්‍රනාථ ඨාකූරයන්ගේ ගීතාංජලී කාව්‍යයේ 74 වැනි පැදිය)

අවසානය දවස,
සෙවණැල්ල ඇත මිහිකත වසාගෙන
පුරවාලනු පිණිස මා දිය බඳුන
ගංතෙරට යායුතු වෙලාවයි මෙය

නදියේ සෝබර මියැසියෙන්
පිරී ඇත සැඳෑ වාතලය
අහා! එය කැඳවයි මා
ගොම්මන් අඳුර වෙත

හුදෙකලා පටුමගෙහි
යනෙන කිසිවෙකුත් නැත
නැගී එයි මාරුතය
මවා නෙක රැළි දිය මත

නොදනිම් ඉතින් මා යළි
ඒ දැයි නිවහනට
එලෙසෙම නොදන්නෙමි
කවුරුන් හමුවෙයිද
දිය මංකඩ අසළ, කුඩා ඔරු කඳ මත
නන්නාඳුනන ඔහු, වයයි සිය වීණාව.


සෙවුම්