2013/09/28

දේශපාලනය- විලියම් බට්ලර් යේට්ස්


















“අපේ කාලයේ මිනිසුන්ගේ ඉරණම සිය අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කරන්නේ දේශපාලන රාමුවක පිහිටා සිටය.”- තෝමස් මෑන්

අර සොඳුරු යුවතිය
එතැන සිටගෙන සිටින කල
රෝම, රුසියානු, ස්පාඤ්ඤ
දේශපාලනය ගැන
කෙලෙස නම් මා
සිත යොමු කරන්නද

බොහෝ රටවලට ගිය
දැන උගත් මිනිසෙක්
මෙතැන දේශනයක් කරයි
ඇසූ පිරූ තැන් ඇති
දේශපාලකයෙක්
සිතා කියවා බලා
කතාවක් පවත්වයි

යුද්ධයත් එහි ඵලත්
එහි හේතුව ගැනත්
ඔවුන් කියනා කරුණු
ඇත්ත වන්නට හැකිය

එනමුදු අහෝ මට
සිතෙන්නේ මෙයමය:
යළි තරුණයෙකු වී
වැළඳ ගන්නට ඇයව











-විලියම් බට්ලර් යේට්ස් 

2013/02/24

මම තනිවී සිටිමි-සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා’

















මම තනිවී සිටිමි.
මා දිවියේ සැඳෑ කල
ළඟ ළඟම එන සැටි
පෙනෙයි මට

මහිස කෙස් සුදුව
තුනීවී ගොසිනිය,
වල ගැසී ඇත දෙකොපුල,
ගමනද ඉතා සෙමිනිය:
අවසන්ව ඇත සැණකෙළිය.

තරණය කරන්නට තිබූ
ගංගා, දිය දහර
එතෙර වී ඇති බව දනිම්
සිනහ නගනෙමි දැන්
ඔරුවක් නොතිබූ වග දැක
එතෙර වන්නට එසේ













-සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා (1899-1961)

(ඩේවිඩ් රූබින්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි)

සෙවුම්