2014/01/01

සිහින

අල්වා ගනු මැන සිහින තද කොට
ඉදින් මියගියහොත් ඒ සිහින
ඉගිලෙනු බැරි, තටු සුන්ව ගිය
විහඟෙකු වන බැවින් ජීවිතය
අල්වා ගනු මැන සිහින තද කොට
පලා ගිය විට ඒ සිහින
හිම මිදුණු, මුඩු බිමක්
වන බැවින් ජීවිතය












ලැන්ග්ස්ටන් හියුස් (1902-1967)

18 comments:

  1. ස්තුතියි පරිවර්තනයට.. ඔසුනවවේ..!!

    ReplyDelete
  2. @දේශකයා

    ඔබට ස්තූතියි. මට ටිකක් වෙලා ගියා මොකක්ද ඔසුනවවේ කියන්නේ කියලා තේරුම් ගන්න. ඔබටත් සුනවවේ !

    ReplyDelete
  3. ලැබුවාවු නව වසරට කදිම පරිවර්තනයක්. ස්තූතියි. ඔබටත් සුනවවේ!!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට ස්තූතියි රන්දික. මේ අඩවියට ගොඩවැදුණාටත් ස්තූතියි.

      Delete
  4. පරිවර්තනය අගෙයි,ඔබට සුබ නව වසරක් නිලුක.

    ReplyDelete
  5. @ Helapa Kade
    අගය කිරීම සතුටින් බාරගන්නවා. මෙහි ආවාට ස්තූතියි.

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සෑම්. ඇවිත් යන්න ආවාට ස්තූතියි.

      Delete
  7. ඊලඟ පරිවර්තනය කවදද කියල බල බල හිටියෙ. ඔබේ කවිය දැක්කම මම ඉක්මනටම ඔරිජිනල් එක කියෙව්වා. superb! ඒ අදහස ඊට වැඩිය සාර්තකව ලියන්න වෙන විදියක් නම් නෑ කියලයි මට හිතෙන්නෙ. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි Blue Lotus. හැමදාමත් වගේ ඔබගේ අදහස්, ලිවීමට අනුප්‍රාණය සපයනවා. ඔබට සුබ නවවසරක් වේවා.

      Delete
  8. බොහොම අගේට පරිවර්තනය කරලා තියෙනවා. ස්තූතියි නිලූක.
    සිහින නැතිව ජීවත්වෙනවා කියන්නේ පරිප්පු නැතිව පාන් කනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔබට තුති. හොඳ රූපකයක් පාවිච්චි කරලා තියෙන්නේ.

      Delete
  9. ස් තූ ති ය් තව අලුත් පරිවර්තන ටිකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි මෙහි ගොඩවැදුණාට. තව නිර්මාණ කිහිපයක් පළකරන්නට සූදානම් කර තිබෙනවා.

      Delete
    2. එහෙනම් ඉක්මනට දාන්න

      Delete
    3. සතියකට එකකට වඩා දාන්න අමාරුයි ලක්මාල්. අර ඔයා කියන්නා වගේ ගස් යට කාර් නවත්තලා නිදාගන්නවට අපට පඩි ගෙවන්නෙ නෑනෙ.

      Delete
  10. අල්ලාගෙන සිටිමි . . . . තදින් . . . . . . . වුවත් එය "සිහිනයක්"
    පරිවර්තනය ඉහළින් අගයමි.

    ReplyDelete
    Replies
    1. ඇගයුම සතුටින් භාරගනිමි. ගොඩවැදුණාට ස්තූතියි.

      Delete

සෙවුම්