2017/10/07

'සැලී' උයනෙහි කෙළවර

















හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස
කියුවාය ඇය මා හට.
නමුදු, ‍අනුවණ යොවුනකු වූ මම
එකඟ නුවූයෙමි ඇය සමඟ.

ගංතෙර පිහිටි කෙතක් අස
සිටියෙමු මා පියඹ සහ මම.
නැඹුරු වූ මා උරතලය මත
තබා සිය හිමකුමරි හස්තය
ඉවුරු මත තණපත් වැවෙන විලසට
සෙමෙන් ජීවිතය විඳින ලෙස
කියුවාය ඇය මා හට.
නමුදු, අනුවණ යොවුනකු වූ මම
දිවි ගෙවමි දැන් හැඬූ කඳුළින.
















-විලියම් බට්ලර් යේට්ස් (1865-1939)

No comments:

Post a Comment

සෙවුම්