2020/05/13

වන හංසයෝ























තුරු වෙළී ඇත සරත් කල සුන්දරබවෙහි,
වියළිය අඩිපාරවල් වනලැහැබ මැද වැටුණු, 
වප් මහේ සහන් එළිය යට ජලතලය මත
පිළිබිඹුව ඇත අහසක් නිසල;
ගල් අතර මුවවිටටම පිරුණු දිය මත
හංසයන් පනස් නව දෙනෙකිය.  

පළමුවර මා උන් ගණින්නට පටන් ගත් තැන් සිට
හේමන්ත එකුන් විස්සක් ඉක්ම ගොස් ඇත;
ගැණ නිමවන්නටත් පෙර දිටිමි මම,
උන් සියලු දෙන එකවර නැඟී අහසට,
හඬ නඟන සිය පියාපත් විදාහැර
විසිර යන’යුරු තනමින් විසල් බිඳුණු කව.

ඒ පැහැසර විහඟුන් දෙස මා බලා ඇත නොඑක් වර
එනමුදු දැන් මගේ හදවත වේදනාවෙන් පිරී ඇත.
මුදු ලෙස ගැහෙන උඩින් මා සිරසට, උහු පියාපත්වල සීනු සර,
මෙවිල් තෙර සහන් එළියේ හිඳ පළමුවර ඇසූ තැන් සිට
සියලු දේ වෙනස් වී ඇත.

විඩාවට පත් නොවී තවමත්, එක් පෙම්වතකු බැගින් වරකට,
පිහිනතිය උන් සිහිල්, ප්‍රිය දියදහරවල,
නැතහොත් නැගෙතිය අරා අහස්කුස;
උන්ගේ හදවත් වියපත් වී නොමැත;
රාගය හෝ දිනුම සරයි උන් ඇති තැන
තවමත් නිසි කලට උන් කරා එන්නෙය.

නමුදු දැන් උන් පාවෙති නිසල දිය මත,
ගුප්ත ලෙස, සුන්දර ලෙස;
යම් දිනෙක මා අවදිවන කල පියාඹා ගොස් ඉවත
කවර නම් විල් තෙරක, පොකුණක් අසල
කවර නම් පන් පඳුරු ගොන්නක,
තනනුයද උන් කැදලි තම,
බලන දනගේ නෙත් පිනවමින?

-විලියම් බට්ලර් යේට්ස් (1865-1939)

චිත්‍රය: ෆ්‍රෑන්ක් වෙස්ටන් බෙන්සන්



The Wild Swans at Coole

The trees are in their autumn beauty,
The woodland paths are dry,
Under the October twilight the water
Mirrors a still sky;
Upon the brimming water among the stones
Are nine-and-fifty swans.

The nineteenth autumn has come upon me
Since I first made my count;
I saw, before I had well finished,
All suddenly mount
And scatter wheeling in great broken rings
Upon their clamorous wings.

I have looked upon those brilliant creatures,
And now my heart is sore.
All's changed since I, hearing at twilight,
The first time on this shore,
The bell-beat of their wings above my head,
Trod with a lighter tread.

Unwearied still, lover by lover,
They paddle in the cold
Companionable streams or climb the air;
Their hearts have not grown old;
Passion or conquest, wander where they will,
Attend upon them still.

But now they drift on the still water,
Mysterious, beautiful;
Among what rushes will they build,
By what lake's edge or pool
Delight men's eyes when I awake some day
To find they have flown away?

-William Butler Yeats 

5 comments:

  1. එලටම පරිවර්තනය වෙලා තියෙනවා. යේට්ස් ගෙ කවි මීට කලින් පරිවර්තනය වෙලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට. ඔව් යේට්ස් පරිවර්තනය වී තිබෙනවා. මීට පෙර කිහිප වතාවක් මා යේට්ස්ගේ කවි පරිවර්තනය කළා. ඒවා මේ අඩවියේ පළ කොට තිබෙනවා.

      Delete
  2. මටනං හිතාගන්නවත් බෑ. මොකද සාමාන්‍ය පරිවර්තනයක් කරගන්න පුළුවන් වුණත්, එලෙසම කවියෙහි රසය රඳවාගෙන පරිවර්තනයක් කිරීම ඉතා උගහට කාර්‍යයක්. ඔබතුමාගේ අහලකින්වත් තියන්න බැරිවුණත්, සිංහල බ්ලොග් අවකාශයේ ඔබතුමා හැරුණුකොට පරිවර්තන කරන ස්වල්පදෙනා අතරින් කෙනෙකු වන් මා හට ඔබතුමාගෙන් ඉගෙනගතයුතු දෑ බොහෝයි. මමත් ඊයේ පරිවර්තනයක් කළා. ඒ නස්කා රේඛා ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල්රුක්. නස්කා රේඛා ගැන ඔබේ පරිවර්තනය කියෙව්වා. පරිවර්තන හැකියාව දියුණු කරගන්න සතතාභ්‍යාසය වැදගත්.

      Delete

සෙවුම්