2019/10/31

නුග ගස
















බෝසේ අසිරිමත් වූ,
මහ නුග ගසකි මම.
බලවත් පරමාණුවක් වන්
කුඩා බීජයකින් පැළව
වැඩී ඇත්තෙමි මේසා සුවිසල්ව.

පැතිර ඇත මා අතුපතර සියලු සීමා පසුකොට,
අසුවන සියලු අස මා නෙත් මානයට.

සදාහරිතවන් මා අතුපතර
මා ඵලවල ප්‍රණීත වූ රසය,
සෙවණක් පතා එන සියොතුනට
වන හෙයින් මා සරණක්ම.

වැඩෙන්නෙමි නිසරු වූ පසෙහි වුව
නොසිඳෙයි කිසි කලෙක මතුළ ඇති ක්ෂීරය
මා තුළ රැඳි වසන්තය
මහරු දායාදයක්මය.

දිවා කල වෙහෙස වී පියඹන
සියොත් කැළ තුටු ගොස නංවන
කූඩාරම මා වේය.
සියලු ප්‍රීති උත්සවවල ඇරඹුම
මා අතුපතරෙහිම සිදු වේය.

මා ඵල බුදින ඇතැම් සියොතුන්
හෙලන්නේ සිය වසුරු අන්තැන.
බහ⁣ තෝරන මා පැටවුනගෙ
දොස් සොයති ඇතැම් දන.
කපන්නට තැත් දරති
පියපත් වැඩී එන.

පසසතිය තවත් අය සියොතුනගෙ ශෝභාව
සොබා දහමෙහි අගය කියමින් මේ ලෙස:
“වෙනත් ගස්වල උස් අතුවල හිඳ,
තුටු වෙමු, කරදරයෙන් තොරව.”

බැරිය මට කමා කරනට කොට්ටෝරුවන් හට 
මා සළු ඉනීමෙන් උන් තුටු නොවන්නෙද?
ඇරයුම් කරති උහු තැනීමෙන් සිදුරු මා බඳ 
විෂඝෝර සපුනට මා තුළ ලැගුම් ගන්නට.

අසරණ වනස්පතියකි මම
ගී ගයන සියොතුනට පමණක් මගේ ඵල දෙන.
ජලය සොයමින් පස තුළ කිමිද
වෙහෙස වේ මා මුල් අතොරක් නැතිව.
මා බීජ තිත්ත විය හැකි වුව
මා ඵල නම් මිහිරිමය.

රඹ පඳුරක් විලස නැවෙන්නට නොහැක මට
කුණාටුවකට බැරිය මා බිම පෙරළන්න.

අහස දෙසට වැවෙනා මගේ මුල්
පොළොවෙහි යටව නැත,
ගලා යයි ඒවා මැදින් ආලෝකය.
ඒවා පොළොව මත පැළව
නැඟී එනු ඇත මහේශාක්‍ය ලෙස.
බෝසේ අසිරිමත් වූ
මහ නුග ගසකි මම.

බලවත් පරමාණුවක් වන්
කුඩා බීජයකින් පැළව
වැඩී ඇත්තෙමි මේසා සුවිසල්ව.

බිලිපූජාවේ ලේ වැකුණු ගොහොරුවේ පැළව
මිනිස් කඳුළෙන් නැහැවුණ,
පැතිර ඇත මා අතුපතර සියලු සීමා පසුකොට,
අසුවන සියලු අස මා නෙත් මානයට.

සෙවණක් පතා එන සියොතුනට
මමම වෙමි ඇති සරණ,
සදාහරිත අතුපතර සහ
මා ඵලවල මිහිරි රස සමඟින.

විවිධ වූ වර්ගවල, බොහෝ වූ වර්ණවල
සියොතුනගෙ භාෂාද විවිධය.
එනමුදු ගීයට පණ දෙන සිතිවිල්ල
සදාකාලයටම එකක්මය.

සදාකල්හිම වටින මගේ වේදය නම් සත්‍යය ය
මා දෙසන්නේ ප්‍රේමය ය, සාමය ය
නොනැසී පවත්නා පරමාදර්ශමය.

මගේ පරමාදර්ශී අතුපතර
ඉඩ නොදේ ගොදුරු ගසාකන විහඟුන්ට
සිටින්නට පවා මා සිරුර මත;
ඉදින් උන් කූඩු තනනු ගැන
කවර නම් කතා වෙද.
ඉඩහසරක් නැත උන්ට එසේ කෙරුමට
ඒ වෙනුවෙන් මුදලක් ගෙවුවේ වුව.

හිසෙහි සිට දෙපතුළ තෙක්
සහසක් තුවාලය මා සිරුර.

ගෙන්දගම්වල කටුක දුර්ගන්ධය
මා දෑසට කඳුළුනංවන වග
නොපෙනේද ඔබ හට?

කාල චක්‍රය තුළ, ඉතිහාස කතාවල
මා විඳි වේදනා,කම්කටොලු පිරිපත
විස්තර කරන්නත් නොහැකිය.

ජයග්‍රහණම ලැබූ වනස්පතියකි මම
නොහැකිය නැවෙන්නට රඹ පඳුරක් විලස.

මා මුලිනුපුටනු නොහැකිව
කුණාටු පවා වැලපේය.

අහස දෙසට වැවෙනා මගේ මුල්
පොළොවෙහි යටව නැත.
ගලා යයි ඒවා මැදින් ආලෝකය.
ඒවා පොළොව මත පැළව
නැඟී එනු ඇත මහේශාක්‍ය ලෙස.

බෝසේ අසිරිමත් වූ
මහ නුග ගසකි මම.













-එළිල් වේන්දන්


Banyan Tree by Ezhill Vendhan

A Banyan tree I am,
a marvelous one at that.
This gigantic form have I taken
out of a very tiny seed
like a powerful mighty atom.

My branches leap boundaries
and extend as my vision goes on.
For my ever-green branches
and the exquisite taste of my fruit,
I am the refuge for birds
longing for shade.

I grow even on barren soil 
having a never-drying milk
spring in me is the gift.

I'm the tent,
where birds that toil and moil all day revel.
On my branches gets inaugurated
each season of festivity.

Some birds that taste my fruit
drop their excrement elsewhere.
Some try to find fault
with my lisp of fledglings;
clip their wings just beginning to grow.

Some others praise the charm of birds,
a little nature, tell them temptingly thus:
"Let us sit on tall branches of other trees
and be gay and carefree."

I am unable to excuse the woodpeckers;
do they not rejoice in disrobing me?
Creating holes in me, the woodpeckers
invite only vicious vipers to settle in me.

A poor, pitiable tree I am,
Giving away fruit only to songbirds.

My roots labour without rest
going deep down into the soil
seeking water.

Bitter may be my seeds
but sweet are my fruits.

I have no chance of being flexible
like a plantain tree.

Storms wail to me
that they are unable to uproot me.

My roots are only aerial roots
which are not being closed
allow light to pass through them.
They will soon take root
and stand majestically !
A Banyan tree I am,
a marvelous one at that.
This gigantic form
have I taken
out of a very tiny seed
like an atom's mighty power.

Grown on the bloody mire of sacrifice
and watered by human tears,
my branches leap boundaries
and extend as my vision goes on.
and extend as my vision goes on.

I am the refuge for birds
longing for shade
from my ever-green branches
and the exquisite taste of my fruit.

Varied indeed are the languages
of the varied species of birds
of many a hue,
but the thought that inspires the song
is the same for ever and ever.


My Veda of eternal relevance is Truth;
I preach Love and Peace,
the time-tested ideals.

The branches of my ideals
do not allow
the birds of prey
even to sit on me
not to speak of them
building nests on me
Strictly, no permission for the birds
even if they pay a fee

My body suffers
a thousand wounds
from head to foot.

Don't you notice my eyes watering
as the pungent smell of Sulphur
affects me ?

Inexplicable are my trials and tribulations
in the cycle of time;
in the annals of history

I am a tree of achievements.

I have no chance of being flexible
like a plantain tree.

Storms wail to me
that they are unable to uproot me.

My roots are only aerial roots
which are not being closed
allow light to pass through them.
They will soon take root
and stand majestically !

A Banyan tree I am,
a marvelous tree.



1 comment:

  1. කෙසෙල් ගහක් වගේ නැවෙන්න බැරි උනත් කමක් නැහැ කුණාටුවකට උනත් පෙරලන්න බැරි නම්.

    ReplyDelete

සෙවුම්