2014/02/12

“ සල්ලිවලට හැම දෙයක්ම කළ හැකියි ”













එකෝමත් එක කාලෙක ඉතාමත් පෝසත් කුමාරයෙක් ජීවත් වුණා. ඒ කුමාරයා ජීවත් වෙච්ච රටේ රජතුමාගේ මාලිගාව ඉස්සරහින්, ඒ රජ මාලිගාවට වඩා හුඟක් ලස්සණ මාලිගාවක් හදන්න ඕනෑ කියන අදහස කුමාරයාගේ ඔලුවට ඇතුළු වුණා. ඉතින් මේ අලුත් මාලිගාව හදලා ඉවර වුණාට පස්සේ, “සල්ලිවලට සෑම දෙයක්ම කළ හැකිය කියන වචන ටික ඔහු මේ මාලිගාවේ ඉස්සරහ බිත්තියේ කෙටුවා.

රජතුමා එළියට ඇවිත් මේ දැන්වීම දැක්ක හැටියෙම, අර කුමාරයාට ඇවිත් තමන් හම්බවෙන්නය කියලා පණිවිඩයක් ඇරියා. කුමාරයා මේ නගරයට ඇවිත් කාලයක් ගත වුණත් ඊට පෙර කවදාවත් ගිහින් රටේ රජතුමා බැහැදැකලා තිබුණේ නෑ.

“මගේ සුබපැතුම්, ” රජතුමා කියුවා. “ඔබේ මාලිගාව ඇත්තෙන්ම මහා විස්මයජනක නිර්මාණයක්. ඒකත් එක්ක තියලා බලනකොට මගේ මාලිගාව නිකම්ම නිකම් පැල්පතක්. මම ඔබට සුබපතනවා. ඒත් “සල්ලිවලට සෑම දෙයක්ම කළ හැකිය” කියලා දැන්වීමක් එල්ලන එක ඔබේ අදහසක්ද? ”

තමන් ඕනෑවට වඩා ලොකු පණ්ඩිතකමක් කරලා තියෙන බව කුමාරයාට වැටහුණා.
“ඔව් ඒක මගේ අදහසක්,” කුමාරයා උත්තර දුන්නා. “ඒත් ඔබවහන්සේ ඒකට අකමැති නම් මට පුළුවන් ඒ වචන ටික  බොහෝම පහසුවෙන් මකවලා දාන්න.”
“නෑ. නෑ. එහෙම දෙයක් කරන්න ඔබට බලකරන්න මගේ කිසිම අදහසක් නෑ. මට ඕනෑ ඒ ප්‍රකාශයෙන් ඔබ අදහස් කළේ මොකක්ද කියන එක ඔබේ කටින්ම දැනගන්නයි. උදාහරණයක් හැටියට ඔබ හිතනවාද ඔබේ සල්ලිවලින් මාව මරවන්න වුණත් පුළුවන් කියලා?”

තමන් අලි අමාරුවක වැටිලා ඉන්න බව කුමාරයාට තේරුණා.

“දේවයන්වහන්ස මට සමාවෙන්න. ඒ වචන ටික මම මේ දැන්ම මකවලා දාන්නම්. ඔබවහන්නේ මගේ මන්දිරයට අකැමැතියි නම් කියන්න මම ඒකත් බිමට සමතලා කරලා දාන්නම්.”

“නෑ. නෑ. ඒක එහෙමම තියෙන්න අරින්න. ඒත් සල්ලි තියෙන මිනිහෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා ඔබ කියන නිසා ඒක මට ඔප්පු කරලා පෙන්වන්න. මගේ දූ කුමරියට කතාකරන්න උත්සාහ කරන්න මම ඔබට දවස් තුනක් දෙනවා.  ඇයට කතා කරන්නට ඔබට පුළුවන් වුණොත් ඒක හොඳයි. මම ඈ ඔබට සරණ පාවලා දෙනවා. හැබැයි ඇයට කතාකරන්න ඔබට බැරි වුණොත් මම ඔබේ හිස ගස්සවලා දානවා. ඒක පැහැදිලිද? ”

මේ කරදරය නිසා කුමාරයාට කන්න, බොන්න, නිදාගන්න බැරිව ගියා. මුළු දවල් වරුවමයි රෑ යි ඔහු කල්පනා කළේ තමන්ගේ බෙල්ල බේරා ගන්නේ කොහොමද කියන එක ගැන විතරමයි. දෙවැනි දවස වෙනකොට මේ වැඩේ තමන්ට කොහොමවත් කරන්න බැරි බව තේරුම් ගත්ත කුමාරයා තමන්ගේ අන්තිම කැමැති පත්‍රය සූදානම් කරන්න තීරණය කළා.  ඔහුට රජතුමා කරපු අභියෝගය කොහෙත්ම කරන්න බැරි දෙයක්. ඒකට හේතුව රජතුමාගේ දූ කුමරිය හිටියේ ආරක්ෂක සෙබලුන් සිය දෙනෙකුගෙන් වට කරපු බළකොටුවක් ඇතුළේ වීමයි. අප්‍රාණිකව, සුදුමැළි වෙලා පරණ වැරහැල්ලක් වගේ කුමාරායා මරණය බලාපොරොත්තුවෙන් ඇඳේ වැතිරිලා හිටියා. මෙන්න මේ වෙලාවේ තමයි කුමාරයා කුඩා කාලේ ඔහුට කිරි දුන්න, තවමත් කුමාරයා ගාව වැඩකරන, හොඳටම මහලු, දුර්වල ප්‍රාණියෙක් වෙච්චි කුමාරයාගේ කිරි මව කාමරයට ඇතුළු වුණේ. කුමාරයාගේ හැටි සොබාව දැකපු මහලු කාන්තාව ඒකට හේතුව මොකක්දැයි විමසුවා. කුමාරයා අඬමින් සුසුම් හෙලමින් සම්පූර්ණ කතාව ඇයට කියුවා.

“ඉතින් මොකද? ” ඇය ඇසුවා. “ඔබ ඔය විදියට වැඩේ අතඇරලා දාන්නද යන්නේ? මට නම් හිනාත් යනවා! මේකට මොකද කරන්න පුළුවන් කියලා මම බලන්නම්!”

කොර ගසමින් කාමරයෙන් පිට වී ගිය ඇය නගරයේ හිටිය දක්ෂතම රිදී වැඩකරුවා ගාවට ගිහින්, හොට අරින්න වහන්න පුළුවන් පාත්තයෙක් තනි රිදියෙන් හදන්න කියලා ඔහුට අණ කළා. ඒ පාත්තයා මිනිහෙකු තරමට විශාල විය යුතු බවත් ඇතුළ හිස් විය යුතු බවත් ඇය කියුවා. “මේක මට හෙට වෙනකොට ඕනෑ,” ඇය අණ කළා.

“හෙට? ඔබට පිස්සු!” රිදී වැඩකරුවා විස්මයෙන් කෑ ගැසුවා.

“මම කිවුවේ හෙට කියලා! ” යි කියූ මහලු කාන්තාව රන්කාසි පුරවපු පසුම්බියක් ඇදලා ගත්තා. “හිතලා බලන්න. මේ ප්‍රමාණය දැන් ගෙවනවා. හෙට පාත්තයා හදලා දුන්නම ඉතිරි ගාණ මම ඔබට දෙනවා. ” ඇය කියුවා.

රිදී වැඩකරුවාට කට උත්තර නැතිව ගියා. “එහෙම නම් මොකද බැරි” කියූ ඔහු “හෙට වෙනකොට පාත්තයා හදලා දෙන්න මම පුළුවන් තරම් උත්සාහ කරන්නම්” යැයි පැවසුවා.

ඊළඟ දවස වෙනකොට පාත්තයා සාදා අවසන් වෙලා තිබුණා. ඒක බලන්න වටින ලස්සණ නිර්මාණයක්.

“ඔබේ වීණාවත් අරගෙන මේ පාත්තයා ඇතුළට යන්න. අපි පාරට ගිය හැටිය වීණාව වාදනය කරන්න පටන් ගන්න” ඇය කුමාරයාට කියුවා.

මහලු කාන්තාව රිදී පාත්තයාවත් ලණුවකින් ඇදගෙන නගරයේ වීදි ඔස්සේ ඇවිද ගෙන ගියා. කුමාරයා පාත්තයා ඇතුළේ ඉඳන් වීණාව වාදනය කරමින් හිටියා. මේක බලන්න නගරයේ ජනතාව වීදි දෙපස පෙළ ගැසුණා. මේ ලස්සණ පාත්තයා බලන්න දුවගෙන නාපු එක් වැසියෙක්වත් ඒ නගරයේ හිටියේ නෑ. රාජ කුමරිකාව රඳවලා හිටපු බළකොටුව ඇතුළටත් මේ පාත්තයා ගැන ආරංචිය ළඟා වුණා. මේ අරුම පුදුම දර්ශනය බලන්න යන්න තමන්ට ඉඩ දෙන්න කියලා කුමාරිකාව පිය රජතුමාගෙන් ඉල්ලා හිටියා.

“හෙට වෙනකොට අර පුරාජේරුකාර කුමාරයාට දීලා තියෙන කාලෙ ඉවර වෙනවා. ඊට පස්සෙ එළියට ගිහින් දුවට ඒ පාත්තයාව  බලන්න පුළුවන්” කියලා රජතුමා කියුවා. 

ඒත් මේ පාත්තයා එක්ක යන මහලු කාන්තාව හෙට කියන දවස වෙනකොට යන්න යන බව කුමාරිකාවට ආරංචි වෙලා තිබුණා. ඒ හින්දා රජතුමා අණ කළා තමන්ගේ දූ කුමරියට බලන්නට පුළුවන් වෙන විදියට ඒ පාත්තයා ඇය සිටින බළකොටුවට අරන් එන්න කියලා. මහලු කාන්තාව බලාගෙන හිටියේ මෙන්න මේ අවස්ථාව උදා වෙනකම් තමයි. කුමාරිකාව රිදී පාත්තයා එක්ක තනි වෙලා උගේ හොටෙන් ගලන මිහිරි සංගීතය රසවිඳින්න පටන් ගත්තා විතරයි උගේ ඇඟ විවෘත වෙලා ඒ ඇතුළෙන් මිනිහෙක් එළියට ආවා.

“බය වෙන්න එපා. ” මිනිසා කතා කළා. “මම තමයි ඔබත් සමග කතා කළ යුතු සහ එහෙම කරන්නට බැරි වුණොත් හෙට උදේ ඔබේ පිය රජතුමාගෙන් හිස්ගැසුම් කන කුමාරයා. ඔබ මා සමග කතා කළා කියලා කිව්වොත් මගේ ජීවිතය බේරා ගන්න ඔබට පුළුවන් වෙනවා.”

ඊළඟ දවසේ රජතුමා කුමාරයාව මාලිගාවට කැඳෙව්වා. “හොඳයි, ඉතින් ඔබේ සල්ලිවලට පුළුවන් වුණාද මගේ දූ කුමරිය එක්ක ඔබව කතා කරවන්න? ”

“ඔව් දේවයන්වහන්ස” කියලා කුමාරයා උත්තර දුන්නා.

“මොනවා! ඔබ ඔය කියන්නේ ඈ සමග කතා කළා කියලද? ”

“එහෙමද කියලා ඇගෙන් අහන්න.”

රජතුමා විසින්ම බළකොටුව ඇතුළට ගෙනෙන්නට අණ කරපු රිදී පාත්තයා ඇතුළේ කුමාරයා හැංගිලා හිටපු හැටි කුමාරිකාව විස්තර කළා.

ඒ කතාව අහපු රජතුමා තමන්ගේ ඔටුන්න ගලවලා කුමාරයාගේ හිසෙන් තැබුවා. “ඒ කියන්නේ ඔබට සල්ලි විතරක් නෙවෙයි හොඳ නුවණකුත් තියෙනවා! සතුටින් ජීවත් වෙන්න. මා ඔබට මගේ දූ කුමරිය සරණ පාවලා දෙනවා,” රජතුමා ප්‍රකාශ කළා.


(ඉතලෝ කල්විනෝගේ ඉතාලි ජනකතා නම් කෘතියේ එන ඉතාලියේ ජෙනොවා ප්‍රදේශයේ ජනකතාවකි.) 

34 comments:

  1. ඉතාමත් අගෙයි නිලූක ස්තුතියි මේ ජන කතාවට..

    ReplyDelete
    Replies
    1. පැමිණ රස වින්දාට ස්තූතියි නලීන්. සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  2. කිරි මවගේ නුවණ තමා!

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම හැඳි මිටේ අග නෙවෙයි නේද ?

      Delete
  3. හරිම ලස්සනයි..

    ReplyDelete
  4. ග්‍රීම්සොයුරන්ගෙත් ඔය වගේම කථා තියෙනවා හරි ලස්සන කථාවක් ග්‍රීම්සොයුරන්ගේ සුරංගනා කථා වල සිංහල පරිවර්තනය හොයන් කියවන්න ලස්සන්යි. ඉන්ග්‍රීසි පොතනම් මගෙ බ්ලොග් එකේ තියෙනව ඔන්නම් බාගෙන ... බොහොම හොද වැඩක්
    http://slstagedrama.blogspot.com/2011/09/grimms-fairy-tales.html

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි නාට්‍යකාරයා. ලින්ක් එකටත් ස්තූතියි. මා ගාව ග්‍රිම් සොහොයුරන්ගේ කතා පොත් තිබුණා වගේ මතකයි.

      Delete
  5. පුලුවන්නම් ඔකෙන් කතා දෙක තුනක් පරිවර්තනය කරලා දාන්න අපි බලන් ඉන්නවා කියවන්න

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී එහෙම කරන්නම්. :-)

      Delete
  6. නිලූක ඔබේ හැකියාවන් මෙලෙස එකින් එක නිරාවරනය කිරීම ගැන අපි සතුටු වෙනවා. සොඳුරු පරිවර්තනයක්. මම ඔබව රසවිඳිනවා.

    ReplyDelete
    Replies
    1. අරූ, හැමදාමත් වගේ ඔබේ දිරිගැන්වීම සතුටෙන් භාරගන්නවා. මාත් ඔබ රස විඳිනවා.

      Delete
  7. අපූරු කතාවක් නොවැ නිලුක,ලංකාවෙ වගේම රසවත් ජනකතා ඉතාලියෙත් තියෙනව නේද.තවත් තියේ නම් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඉතාලි සහ තව ජනකතා සිය ගණනක් තියෙනවා හැලපේ. පරිවර්තනය කරන්න වෙලාව තමයි හොයා ගන්න අමාරු. මා හිතන්නේ මේ වගේ ජනකතා ලෝකේ හැම තැනම තියෙනවා. ඒ හැම එකක්ම අපූර්වත්වයෙන් යුක්තයි.

      Delete
  8. පරිවර්තනය ගොඩක් රසවත්. Trojen Horse in City of Troy අතීත කතාවත් මතකයට නැගුනා. ඊළග පරිවර්තනය බලාපොරොත්තුවෙන් සිටිමි.

    ~ ~ ~ ශාමලිකා (OAD) ~ ~ ~

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශාමලිකා.

      Delete
  9. මේකෙ ඉන්දියන් වර්ශන් එක්කුත් තියේ නේද.. මතක හැටියට එතන ක්‍රිෂ්ණ දෙය්යො තමා අන්තිම උදව්වට එන්නෙ... ඒක සෑහෙන්න පරණ කතාවක් මට නම නං මතක නෑ

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති මහේෂ්. ගොඩක් වෙලාවට ලෝකය පුරා තියෙන බොහෝ ජනකතාවල මූලය එකක්. රටින් රටට එහි මතුපිට ස්වරූපය පමණක් වෙනස් වෙනවා.

      Delete
  10. ලස්සන කතාවක්. ඉදිරියේදී තවත් කතා කියවන්න මේ අඩවිය මගේ බ්ලොග් රෝලට දාගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක. ඔබේ සහයෝගය අගය කොට සලකනවා. මෙහි ආ ඔබ සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  11. ඉතා මනරම් කතාවක් අගේට පරිවතර්නය කර තියෙනවා. ඔබට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක. හැමදාමත් වගේම.

      Delete
  12. නඉඅමයි.ලස්සනයි.ජන කතාවලට මම කොහොමත් හරි ආසයි.කොයි රටෙ වුනත් එකම ආර නෙද?

    ReplyDelete
  13. ඒක ඇත්ත දමිත්. මම මීට පෙරත් කියුවා වගේ සෑම ජනකතාවකම පාහේ මූලය එකක්. ඒ නිසා මොන රටේ ජනකතා වුණත් එකම ආරක් තමයි ගන්නේ.

    ReplyDelete
  14. මම මේ කතාව අහලා තියෙනවා.. ඉතාලි කාරයෙක්ම දවසක් කතා කර කර ඉද්දී අහම්බෙන් වගේ මේක මාත් එක්ක කියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, මේ කතාව ජෙනෝවාවල එකක් කියලයි ඉතලෝ කල්විනෝගේ පොතේ තියෙන්නේ. ඉතාලියේ දකුණට වෙන්නටත් මේ වගේ කතා ප්‍රචලිත ඇති. මට නම් කිසි දවසක ඉතාලි ජාතිකයෙක්ගෙන් ජන කතාවක් අහගන්න බැරි වුණා.

      Delete
  15. ඒ කියන්නේ ඔබට සල්ලි විතරක් නෙවෙයි හොඳ නුවණකුත් තියෙනවා!
    කියන්න ජන කතාව කියපු විදියෙන් බැහැ.
    ඒත් නායකයන් කරන්නෙ
    අනුන්ගෙ දස්කම් තමන්ගෙ වගේ හුවා දැක්වීම නිසා
    කුමාරයා රජකමට සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. අපූරු විග්‍රහය අතුල අයියා.

      Delete
  16. niyama wedak,,,hadhawathinma suba pathanawa

    ReplyDelete
  17. ape kale minissu hithana eaka nawaththala inne...athitha jana kathawak liuwath lakunudhaganna liyanawa misak samajayata rasi vindanayak...denumak denna uthsaha karanne ne...sahodarayage wede kadhimayi

    ReplyDelete
  18. ලස්සන කතාන්තරයක් . සුන්දර පරිවර්තනයක් . මාතෘකාව මීට වඩා බුහුටි උනානම් වඩාත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා. ඒත් දැන් ඒක වෙනස් කරන්න ප්‍රමාද වැඩියි.

      Delete
  19. මමත් කියෙව්වා. හරිම ලස්සනයි.

    ReplyDelete

සෙවුම්