තම විනිවිද
පෙනෙනබව සමඟ
ආලයෙන්
බැඳුණු දහවල
අවිනිශ්චිතව
ටැග්ගැහෙයි
යෑම සහ
නැවතීම අතරමැද.
මුළු ලෝකයම
නිසලව නැලැවෙන
මුහුදු
බොක්කකිය දැන් වටකුරු පස්වරුව.
දෘශ්‍යමානය
සියල්ලම
එනමුදු
අල්ලාගත නොහැක
සියල්ලම ළඟ
තිබුණද
ස්පර්ශ කළ
නොහැකිය.
කරදහිය, පොත, පැන්සල,
වීදුරුව
සැතපෙයි සිය
සෙවණැල්ල යට.
මා නළල
දෙපසෙහි පුපුරු ගසනා කාලය
යළි යළිත්
හඬ නගයි රුධිරයේ නොවෙනස් මාත්‍රාව.
උදාසීන වූ
බිත්තිය, ආලෝකය වැද
හැරෙයි
අවතාරමය ඡායා රඟමඬලක් බවට.
සිටින සැටි
පෙනෙයි මා ඇසක් මැද
මා දෙසම
හිස් බැල්මෙන් බලන.
විසිර යයි නිමේෂය.
නිශ්චලව
සිට,
පිටව යමි
මම:
මා
විරාමයකිය.
Great! Dear Niluka, Is it too much to ask to post the original with your beautiful translation.
ReplyDeleteI enjoyed reading it. It is very meaningful.
Thank you ven. Sir for yoir kind words. Certainly I can put the original along. Will do next time.
Delete