ගිම්හානයේ නිල්වන් සැඳෑවල,
පය තබා කදිම තණපත් මත
ඇනෙන තුත්තිරිවලින් පීඩිතව
අඩිපාරවල පිය නඟමි මම.
තණපත්වල සිසිල,
දැනෙනු ඇත මා දෙපයට,
සිහිනයකදි බඳුව.
හමන සුළඟට,
හිස්වැසුම් විරහිත
මහිස නහවන්නට
ඉඩ හරිමි මම.
නොනැඟෙනු ඇත
කිසිදු සිතිවිල්ලක් මසිත:
එනමුදු පිරී යනු ඇත ආත්මය
ආදරයෙන් අපරිමිත.
ඇවිද යනු ඇත මා බෝ දුර
සොබාදහමෙහි සරන
අහිකුණ්ටිකයකු විලස----
ප්‍රීතියෙන් ප්‍රමුදිතව
මියුලැසියක මා සමඟ
සිටිනා කලෙක මෙන.
- ආතර් රැම්බෝ (1854-1891)
(ස්ටැන්ලි අපෙල්බෝම් ප්‍රංස
බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)
Painting by: Edward
Mitchell Bannister
🌷🌷🌷
ReplyDeleteදිගටම මේ කාර්යය කරන්න
ReplyDeleteඑය අපට ලෝකය දැන හඳුනාගැනීමට විවර කළ කවුළුවකි...
සෑම පෝස්ටුවකටම ඔබගෙන් මෙසේ ලැබෙන ප්‍රතිචාරය අගය කොට සලකමි. වේලාව ලැබෙන පරිද්දෙන් දිගටම නිර්මාණ කටයුතු කරන්නට වෑයම් කරමි. ඔබට නැවතත් ස්තූතියි.
Deleteමනරම්!
ReplyDeleteබොහොම ස්තූතියි ඔබට.
Deleteසුන්දරයි සොබා දහම වගේම. මම කඳු වල ඇවිදින්න යන්නෙත් ඒ නිසා
ReplyDeleteමාත් කඳුකරයේ කෙනෙක් නිසා ඒ සුන්දරත්වය හොඳට අඳුනනවා. කොමෙන්ටුවට ස්තූතියි.
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි ඔබට.
Delete