2015/11/26

ඌරන් බලාගත් රාජ කුමාරයා





එකෝමත් එක කාලෙක දුප්පත් කුමාරයෙක් ජීවත් වුණා. ඔහුගේ රාජධානිය ඉතා කුඩායි. ඒත් කුමාරිකාවක් සරණ පාවා ගන්න පුළුවන් වෙන තරමට ඒ රාජධානිය විශාලයි. කුමාරයාත් විවාහයක් කරගන්න කල්පනා කළා. අධිරාජයාගේ දියණිය ළඟට ගිහින් “ඔබ මා සමග විවාහ වෙනවද ? ” කියලා අහපු එක කුමාරයාගේ වීරකමක්. ඒත් ඔහු එහෙම කළා. ඒ මොකද කියනවා නම් කුමාරයාගේ නම හැමතැනම ප්‍රසිද්ධ වෙලා තිබුණු නිසාත්, ඔහුගේ යෝජනාව සතුටින් පිළිගන්න ඉඩ තිබුණු තව කුමාරිකාවන් සිය ගණනක් හිටපු නිසාත්. ඒත් අධිරාජයාගේ දියණිය එහෙම කරාවිද ? අපි බලමු.

මේ කුමාරයාගේ පිය රජතුමාගේ සොහොන මත රෝස පඳුරක් වැවිලා තිබුණා. ඒ වර්ගයේ රෝස අතර ලස්සනම රෝස පඳුර එයයි. ඒකෙ මලක් පිපෙන්නේ අවුරුදු පහකට එක වරයි. මේ රෝස පඳුරෙ එකම එක මලක් පිපිලා තිබුණා. ඒ වුණාට ඒක කොච්චර ලස්සන මලක්ද ! ඒ මලේ සුවඳ කොච්චර මිහිරිද කියනවා නම් ඒ සුවඳ ආඝ්‍රාණය කරපු කෙනෙකුට තමන්ගේ සියලු දුක් දොම්නස් එක් සැණෙකින් අමතකව ගියා. කුමාරයා සතුව නයිටිංගේල් කුරුල්ලෙකුත් හිටියා. ඒ කුරුල්ලා ගායනා කළේ  උගේ උගුරේ සියලුම මධුර ස්වර තිබුණා වාගෙයි. මේ රෝස මලත්, නයිටිංගේල් කුරුල්ලාත් කුමාරිකාවට තෑගි දෙන්න කල්පනා කළා කුමාරයා ඒවා විශාල රිදී පෙට්ටි දෙකක දමලා ඇය වෙත යැවුවා.

තමන්ගේ පරිවාර කාන්තාවොත් එක්ක කුමාරිකාව ක්‍රීඩා කරමින් හිටිය විශාල ශාලාවට මේ පෙට්ටි දෙක ගෙනියන්න කියලා අධිරාජයා අණ කළා. තෑගි දමාපු මේ විශාල පෙට්ටි දෙක දැක්කම කුමාරිකාව සතුටින් අත්පුඩි ගැහුවා.

“මේකෙ ඉන්නෙ පුංචි පූස් පැටියෙක් නම් හොඳයි ” ඇය කියුවා. ඒත් එතකොටම තනි මලක් ඇති රෝස පඳුර තිබෙන පෙට්ටිය අරිනු ලැබුවා. “අනේ, කොච්චර ලස්සනට ඒ පඳුර හදලා තියෙනවාද ”, පරිවාර කාන්තාවෝ මවිත වුණා. “ඒක ලස්සන විතරක් නෙවෙයි. මනස වශී කරන සුළුයි.” අධිරාජයා කියුවා.  පඳුරට අත තියපු කුමාරිකාව අඬන්න වගේ හැදුවා. “මොන ලැජ්ජාවක්ද පිය රජතුමනි.  මේක කෘත්‍රීම එකක් නෙවෙයි ස්වාභාවික පඳුරක්.” කුමාරිකාව කියුවා. “මොන ලැජ්ජාවක්ද. ඒක ස්වාභාවික පඳුරක්. ” පරිවාර කාන්තාවොත් පුනරුච්චාරණය කළා. “කේන්ති ගන්න කලින් අපි බලමු අනෙක් පෙට්ටියේ තියෙන්නේ මොනවද කියලා” අධිරාජයා කියුවා.  ඉන්පසුව නයිටිංගේල් කුරුල්ලා එළියට ගනු ලැබුවා. ඌ කොච්චර ලස්සනට ගී ගැයුවාද කියනවා නම් කාටවත් ඒ ගැන නරකක් කියන්න බැරිවුණා.

“අපූරුයි. විශිෂ්ටයි” රජ මාලිගාවේ කාන්තාවෝ කෑ ගැසුවා.

“මේ කුරුල්ලා දැක්කම මට මතක් වෙන්නේ අපේ මැරුණු අධිරාජිනියගේ සංගීත පෙට්ටිය” කියලා රජ මාලිගාවේ ඉන්න මහලු රාජ සභිකයෙක් කියුවා.    “හරියටම ඒ නාදයමයි, ඒ විදියමයි. ”

“ඔබ නිවැරදියි” කියපු අධිරාජයා කුඩා දරුවෙකු වගේ කඳුළු සලන්නට පටන් ගත්තා.

“මේක ස්වභාවික දෙයක් වෙන්න බෑ.” කුමාරිකාව කියුවා.

“ ඔව්. මේ ස්වභාවික කුරුල්ලෙක්, ” තෑග්ග අරගෙන ආපු මිනිස්සු උත්තර දුන්නා.

“එහෙනම් ඌ ඉගිල්ලුනාවේ” කියපු කුමාරිකාව කුමාරයා මුණ ගැසීම ප්‍රතික්ෂේප කළා.

ඒත් එයින් කුමාරයා අධෛර්යයට පත් වුණේ නෑ. ඔහු තමන්ගේ මුහුණ පින්තාරු කරගෙන සාමාන්‍ය මිනිසුන් අඳින අඳින ඇඳුම්වලින් සැරසුණා. නළල වැහෙන්න හිස්වැසුමත් පැළඳගෙන ආපහු ආවා.

“සුබ දවසක් වේවා අධිරාජයාණෙනි,” ඔහු කියුවා. “මට මේ මාලිගාවේ රස්සාවක් ලබා ගන්න බැරිද ? ”

“හුඟ දෙනෙක් මාලිගාවේ තනතුරුවලට ඉල්ලුම් කරනවා. මේ වෙලාවෙ නම් එහෙම පුරප්පාඩු වෙච්ච තනතුරක් නෑ. නමුත් මා නුඹව මතක තියාගන්නම්.... ආ පොඩ්ඩ්ක් ඉන්න; මට යමක් කල්පනා වුණා.  මගේ ඌරන් බලාගන්න කෙනෙක් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද මට ඌරන් විශාල ගණනක් ඉන්නවා ” කියලා අධිරාජයා උත්තර දුන්නා.

ඔය විදියට කුමාරයා රාජකීය ඌරුපල්ලා බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි ඌරු කොටුව ළඟ තිබෙන ඉතාමත් කුඩා ජරාජීර්ණ කාමරයක ජීවත්වීමට ඔහුට සිදුවුණා. මුළු දවස පුරාම වැඩ කරලා රෑ වෙන කොට ඔහු ඉතා ලස්සන කුඩා මුට්ටියක් හැදුවා. එහි දාරය වටේ කුඩා සීනු තිබුණා. එහි වතුර උතුරන්න පටන් ගත්තාම අර සීනුවලින් පැරණි ගීයක තනුව වාදනය වුණා.



ඊටත් වඩා පුදුමය වුණේ මුට්ටියෙන් නැගෙන හුමාලයට කවුරුහරි තමන්ගේ ඇඟිල්ල ඇල්ලුවාම ඒ කෙනාට එසැණෙන්ම මුළු නගරයේ සෑම ලිපක්ම උඩ ඉදෙන කෑමවල සුවඳ දැනීමයි. ඒක ඇත්තටම අර මුලින් කියපු රෝස මලටත් වඩා විස්මයජනක දෙයක්. ඉතින් කුමාරිකාව තමන්ගේ පරිවාර කාන්තාවොත් එක්ක එතැනින් යද්දී අර ගී තනුවේ වාදනය ඇහිලා නැවතුණා. තමන්ටත් ඒ ගී තනුව වාදනය කරන්න පුළුවන් වුණු නිසා ඇය සතුටට පත්වුණා. ඇත්තම කියනවා නම් ඇයට වාදනය කරන්න පුළුවන් වුණු එකම තනුවත් එය විතරමයි.

“ඒ මම දන්න තනුව” ඇය උද්දාමයෙන් කෑ ගැසුවා. “මේ ඌරුපල්ලා හොඳට ඉගෙන කියාගත් කෙනෙක් වෙන්න ඕනෑ. ගිහින් අහන්න මේ සංගීත භාණ්ඩය කීයක් වෙනවද කියලා” කුමරිය කියුවා. අඩි උස සපත්තු පැළඳගත් එක කාන්තාවක් ගිහින් ප්‍රශ්නය ඇහුවා.

“නුඹේ ඔය මුට්ටියට කීයක් දෙන්නද ? ”

“මුට්ටිය වෙනුවට කුමරියගෙන් හාදු දහයක් ලැබුණොත් ඇති. ” ඌරුපල්ලා කියුවා.

“දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ” පරිවාර කාන්තාව කියුවා.

“ඊට වඩා අඩුවෙන් මේක විකුණන්න බෑ” කියලා ඌරුපල්ලා උත්තර දුන්නා.

“ඔහු මොකද කියුවේ ? ” කුමරිය ඇසුවා.

“මට ඇත්තටම ඒක කියන්න බෑ” කියලා පරිවාර කාන්තාව උත්තර දුන්නා.

“මගේ කනට කරලා කියන්න.”

“හරිම අවිනීත යෝජනාවක් ” කියූ කුමරිය යන්නට ගියා. ඒත් ඇය ටික දුරක් යන විටම මුට්ටියේ සීනු ඉතා මිහිරි ලෙස වාදනය වුණා.

“ඔහුගෙන් අහන්න  මගේ පරිවාර කාන්තාවකගේ හාදු දහයකින් ඔහු සෑහීමට පත් වෙනවද කියලා” කුමරිය පැවසුවා.

“නෑ. බොහොම ස්තූතියි. කුමරියගෙන් හාදු දහයක් නැත්නම් මුට්ටිය මා ළඟ තිබුණාවේ” කියලා ඌරුපල්ලා උත්තර දුන්නා.”

“මේක හරි වදයක්නේ,”කියපු කුමාරිකාව තමන්ගේ පරිවාර කාන්තාවන්ට මෙහෙම පැවසුවා: “ඔයගොල්ලො මා වටේට හිටගන්න එතකොට කාටවත් මාව පෙනෙන්නෙ නෑ.”

පරිවාර කාන්තාවො කුමරිය වටේ හිටගෙන තමන්ගේ සායවල්වලින් ඇය ආවරණය කළා. කුමාරිකාව ඌරුපල්ලාට හාදු දහයක් දීලා මුට්ටිය ගත්තා.

මුට්ටියේ වැඩේ හරිම සතුටක් වුණා. දිවා රෑ නැතිව එහි වතුර පැහෙන්න ගත්තා. සපත්තු සාදන්නාගේ පටන් රජගෙදර ඇමැතියා දක්වා හැමකෙනෙකුගේම මුළුතැන්ගෙවල උයන්නේ මොනවද කියලා ඔවුන් දැනගත්තා. ඔවුන් එසේ නොදන්නා එකම ගෙයක්වත් ඒ නගරයේ තිබුණේ නෑ. කුමරිය සහ පරිවාර කාන්තාවන් සතුටට නටමින් අත්පුඩි ගැහුවා.

“සුප් ජාතියි, පෑන් කේකුයි කන්නේ කවුද කියලත් අපි දන්නවා. කැඳ ජාතියි කට්ලටුයි කන්නෙ කවුද කියලත් අපි දන්නවා. කොච්චර අපූරුද ! ”

“අපූරුයි තමයි. හැබැයි මාව පාවලා දෙන්න නම් එපා. මොකද මම අධිරාජයාගේ දූ කුමරිය” කියලා කුමාරිකාව කියුවා.

“අපොයි කොහෙත්ම නෑ” කියලා පරිවාර කාන්තාවන් එක හෙළා කියා සිටියා.

ඌරුපල්ලා සැබෑ ඌරුපල්ලෙක් මිස වෙන කෙනෙක් කියලා ඔවුන්  දැනගෙන හිටියේ නෑ. ඉතින් ඌරුපල්ලාගේ වෙස් අරගෙන හිටිය කුමාරයා එකම දවසක්වත් නාස්ති නොකර වැඩ කළා. එහෙම වැඩ කරලා ඔහු ටකයක් හැදුවා. ඒ සෙල්ලම් ටකය සොලවපුවාම මේ ලෝකය මවපු දවසෙ ඉඳන් තිබුණු සෑම නැටුම් සංගීතයක්ම එයින් වාදනය වුණා.

“මේක අපූරු භාණ්ඩයක්නේ ” කියලා එතැනින් ගිය කුමරිය කියුවා. “මේ තරම් මිහිරි සංගීතයක් මම කවදාවත් අහලා නෑ. ගිහින් අහන්න මේ සංගීත භාණ්ඩෙ ගාන කීයද කියලා. හැබැයි ආයෙ නම් මට මිනිහට හාදු දෙන්නෙ නෑ. ” කුමරිය පැවසුවා.

සංගීත භාණ්ඩයේ මිල විමසන්නට ගිය කාන්තාව ඇවිත් කියුවා කුමරියගේ හාදු සියයකට ඒක විකුණන්න ඔහු කැමතියි කියලා.

“මං හිතන්නෙ මිහිහට පිස්සු කියලා.” කියූ කුමරිය ඉවතට පියමං කළා. හැබැයි ඉක්මනින් ඇය නැවතුණා. “කලාකරුවන්ව උනන්දු කරවන්න ඕනෑ. ” ඇය කියුවා. “ මම අධිරාජයාගේ දූ කුමරිය. කියන්න ඔහුට මම ඔහුට එදා වගේ හාදු දහයක් දෙන්නම්, ඉතිරිය මගේ පරිවාර කාන්තාවෝ දෙයි කියලා.”

“ඒත් අපි ඔහුට හාදු දෙන්න කැමති නෑ කියලා” කාන්තාවන් කියා හිටියා.

“ඒක හරි විකාරයක්නේ. මට ඔහුව සිපගන්න පුළුවන් නම් නුඹලාටත් පුළුවන්. නුඹලාට කෑමත්, රස්සාවත් දීලා තියෙන්නේ මා බව මතක තියාගත්තොත් හොඳයි.” ඉතින් පරිවාර කාන්තාව ආපහු ඌරුපල්ලා වෙත ගිහින් ඇහුවා.

“කුමරියගෙන් හාදු සියයක් නැත්නම් මම මේක දෙන්නෙ නෑ” කියලා ඌරුපල්ලා කියුවා.

“ඔයගොල්ලො මා වටේට හිටගන්න” කුමරිය කියුවා. ඔවුන් ඇය කී ලෙසම කළා. ඉන්පසුව කුමරිය ඌරුපල්ලාට හාදු සියයක් දුන්නා.

“ අර ඌරු කොටුව ළඟ මොකද අර හැටි සෙනඟක් රැස්වෙලා කරන්නේ !” ඒ වෙලාවෙ සඳළුතලයට ආව අධිරාජයා ඇහුවා. ඔහු තමන්ගෙ ඇස් දෙක පිහදාලා කණ්ණාඩි දෙකත් දමා ගත්තා.

“මාලිගාවෙ ඉන්න කාන්තාවො මොකක් හරි සූත්තරයකට ලෑස්ති වෙනවා. පහළට ගිහින් බලන්න ඕනෑ” කියපු අධිරාජයා පාවහන් දෙකත් විගහට දමාගෙන පහළට බැස්සා. පහළට බැහැපු අධිරාජයා බොහෝම නිහඬව එතැනට කිට්ටු වුණා. හරියටම දෙන හාදු ගණන ගණන් කරමින් හිටිය පරිවාර කාන්තාවන්ට ඔහු එන හඬ ඇහුණෙ නෑ. අධිරාජයා තමන්ගේ ඇඟිලිවලින් හිටගෙන එබිලා බැලුවා.


තමන්ගේ දූ කුමරිය ඌරුපල්ලා සිපගන්නවා දැක්ක අධිරාජයා “මේ මොකද වෙන්නෙ” කියලා ගර්ජනා කරලා, ඌරුපල්ලා හරියටම හැට අටවැනි හාදුව ගන්නකොටම ඒ දෙන්නගෙ ඔලුවලට සපත්තුවකින් ගැහුවා.

දැඩි කෝපයට පත්වෙච්චි අධිරාජයා “මගේ දෑහැට නොපෙනී පලයල්ලා” කියලා කෑගැහුවා. කුමරියවත් ඌරුපල්ලාවත් අධිරාජ්‍යයෙන් පිටුවහල් කරනු ලැබුවා. කුමාරිකාව නැවතිලා අඬන්න පටන් ගත්තා. ඌරුපල්ලා ඇයට දොස් පැවරුවා. මහා ධාරාණිපාත වැස්සකුත් කඩා වැටෙන්න පටන් ගත්තා.

“අනේ මං වගේ අවාසනාවන්ත කෙල්ලක් ! මට තිබුණේ අර කුමාරයාගේ යෝජනාව පිළිගන්නයි. අයියෝ, මං වගේ කාලකණ්නි කෙල්ලක්! ”කියමින් කුමාරිකාව වැලපෙන්න පටන් ගත්තා.

ඌරුපල්ලා ගහක් පිටුපසට ගිහිල්ලා තමන්ගෙ මූණෙ ගාලා තිබුණු සායම් පිහදමාගෙන ඇඳගෙන හිටපු දුප්පත් ඇඳුම් වීසි කරලා රජ ඇඳුම් ඇඳගත්තා. ඔහු කොච්චර කඩවසම්ව පෙනුණාද කියනවා නම් කුමාරිකාවට ඔහු ඉදිරියේ හිස නවන්නේ නැතිව ඉන්න බැරිවුණා.

“ඔබව පිළිකුල් කරන්නට දැන් මම ඉගෙන ගත්තා, ” කුමාරයා කියුවා. “ඔබ අවංක කුමාරයෙකුව ප්‍රතික්ෂේප කළා. රෝස මලයි, නයිටිංගේල් කුරුල්ලායි ඔබ අගය කළේ නෑ. හැබැයි සෙල්ලම් බඩු වෙනුවෙන් ඌරුපල්ලෙකු සිපගන්න ඔබ පසුබට වුණේ නෑ. ඔබ දොස්පවරන්න ඕනෑ කාටවත් නෙවෙයි ඔබටමයි !” එහෙම කියපු කුමාරයා ඇයව අතහැර දමලා තමන්ගෙ රාජධානියට ආපහු යන්න ගියා.
















-හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)

27 comments:

  1. ස්තුතියි.. මං ආසම කතාවක් මේක..



    ReplyDelete
    Replies
    1. චැහ්.. අර සිංදු කෑල්ල තමා කතාවේ රසය දෙන්නේ. ඇයි ඒක දැම්මේ නැත්තේ.. ඕ මයි ඔගස්ටයින්

      Delete
    2. සිංදු කෑල්ල අපට ගැලපෙන විදියට පරිවර්තනය කරන්න අමාරුයි. ඒකෙන් කතාවේ ගලායාමට වටිනාකම් එකතුවීමක් වෙන්නේ නෑ.

      Delete
    3. අයියෝ..අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
      ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!

      Delete
    4. දේශක, ඔයා ඔය කියන්නේ වෙන කතාවක තියෙන සිංදු කෑල්ලක් වෙන්න ඕනෑ. මේ කතාවේ තියෙන සිංදුව මෙහෙමයි:
      "A jolly old sow once lived in a sty.
      Three little piggies had she..."

      Delete
    5. නෑ අනේ. හාන්ස්ගේ ඔරිජිනල් කතා තියෙන පොතකින් ගත්තේ.. අනේ මන්දා. නෙට් එකේ තියෙන්නේත් නිලුක කියන එකම තමා.

      Delete
    6. මම මේක ගත්තෙත් පොතකින්. නෙට් එකෙන් නෙවෙයි.

      Delete
  2. පොඩ්ඩක් එහෙට මෙහට කරලා පොඩි මෙන්ඩට

    ReplyDelete
    Replies
    1. ඇයි පොඩ්ඩක් එහාට මෙහාට කරන්නේ ? මුළු කතාවම දෙන්නකෝ.

      Delete
  3. පුංචි කාලෙට ගියා වගේ....

    ReplyDelete
    Replies
    1. මේ අපි හැමෝම ඇතුළෙ ඉන්න ළමයින් වෙනුවෙනුයි.

      Delete
  4. ඉංග්‍රීසියෙන් කියෙව්වට වඩා දැනුනා

    ReplyDelete
    Replies
    1. හා හා.. ඉංගිරිස් අකුරු විසි හතරක් තියෙනවා එයින් දහයක් කියහං පුලුවන් නං.. හැක්

      Delete
    2. මවුබසේ අගය තමා මැලේ රාළ.
      දේශක, මං හිතුවේ අකුරු විසිපහයි කියලා. :-)

      Delete
  5. // “කලාකරුවන්ව උනන්දු කරවන්න ඕනෑ. ” //

    අනේ ඔව්...! :D

    ReplyDelete
  6. මේ කතාව නම් මරු නිලුක.මම කලින් කියවලම නැති එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මාත් මේක කලින් කියවලා තිබුණෙ නෑ.

      Delete
  7. කැඳ සුප් කන්නේ කොහොමද මචෝ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කැඳ, සුප් බොනවා විනා කන්නෙ නෑ නොවැ. වැරැද්ද පෙන්වා දීම ගැන ස්තූතියි.

      Delete
  8. කතාවේ ආදර්ශයත් සහිතව කුඩා දරුවන්ට කියාදීමට අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි විචාරක.

      Delete
  9. Please eat some soup, not drink some soup.

    ReplyDelete
    Replies
    1. Yes. In English it should be 'eating' soup and not 'drinking' it. However, when you put it in Sinhala it should be 'drinking' as one always 'drinks' soup and not 'eats' it. So, it is a dilemma that a translator faces, a 'soup' in which he finds himself in. Thank you.

      Delete
  10. අදයි මේ පැත්තෙ ආවේ.. මොහුගේ කතාවලට මං ගොඩක් කැමතී..
    අපූරුයි නිලූකා... ස්තුතී...

    ReplyDelete

සෙවුම්