2011/06/25

තාරකා









චිත්‍රය: වින්සන්ට් වෑන් ගොග් ගේ Starry Night 



රෑ අහස දිදුලන තාරකාවෝ
එබිකම් පාති මා ලියන පදවැල් කෙරේ
අපගෙන් වියෝවූවන්ගේ
දෙනෙත් සේ මැයි ඒ

නිශාවේ නිසල බව අතර
මට ඇසේ ඔවුන් දොඩනා අයුරු
යුදට ගොස් දිවි පිදූ විරුවන්
සදා මතකයේ රැ‍‍ඳේ කියමින්

මවුබිමට පෙම් බැඳි කඳුකර වැසියෙක්මි මම්
නොවේ මා පෙරමග සැපයෙන් පිරි එකක්
කවුරු නම් දනිත්දෝ ඉදින් මතුදින
මා පවා තාරකාවක් නොවේ දැයි

එසේ වූ කල එබිකම් කරමි මම
තවෙකෙකු ලියන පදවැල් කෙරේ
' සොයුරන් හද සදා රැඳෙනා
මිහිකතට පෙම් බැඳි තාරකාවක් සේ




-    රසුල් ගම්සාතොව් (1923-2003)

No comments:

Post a Comment

සෙවුම්